දැනුම උදෙසා මරණය තෝරාගත් සර්ප විශේසඥයා..........................................
"දැනුමෙන් තොර ජීවිතය යනු වෙස්වලාගත් මරණයක්" බව ඇමරිකානු රැප් ගායකයෙක් වුන කලීබ් ක්වේලි ප්‍රකාශ කරල තියෙනවා.දැනුම කියන දේ ජීවත් වෙන්න අවශ්‍යය වුනත් දැනුම සොයාගෙන ගියපු සමහරුන්ට අත්වුනේ මරණයයි.මේ කතාවත් එහෙම එකක්.දැනුම සොයාගෙන මාරාන්තික ක්‍රියාදාමයක නිරතවුන කුතුහලාත්මක මනසක් තිබූ ප්‍රමුඛ පෙලේ විද්‍යඥයෙකුට අත්වූ අවාසනාවන්ත වගේම අසාමාන්‍යය ඉරණමක් තමයි මේක.
ඇමරිකානු ජාතික "කාල් පැටර්සන් ෂ්මිත්"(Karl Patterson Schmidt) කියන්නේ විසිවන සියවසේ ලෝකයේ බිහිවුන විශිෂ්ටතම සත්ව විද්‍යාඥායෙක්.ඒ වගේම උරගයින් පිළිබඳ අද්විතීය දැනුම් සම්බාරයක් හිමිවූ අයෙක්.ලෝකයේ දේශගුණික කලාප අනුව සත්වයින්ගේ ව්‍යාප්තිය පිළිබඳ ඔහුගේ අධ්‍යනයන් ලෝකය පුරා ඔහුගේ නාමය ප්‍රචලිත කරන්නට සමත්වුනා.
කාල් පැටර්සන් පරීක්ෂණ වාර්තා රැසක් රචනා කර ඇති අයෙක්.ඔහුගේ අවාසනාවන්ත මරණයටත් හේතුවෙන්නේත් ලෝකයාගේ උන්නතිය උදෙසා දැනුම සොයාගිය ගමනකට පාදකවූ මෙවන් පරීක්ෂණ වාර්තාවක්මයි.
1957 සැප්තැම්බර් මාසයේ දිනක ඇමරිකාවේ චිකාගෝහි "ලින්කන් පාක්" සත්ව උද්‍යානයෙන් අඟල් තිහක පමණ දිගකින් යුතු සර්පයෙකු හමුවෙනවා.සත්ව උද්‍යානයේ කිසිවෙකුටත් මේ සර්පයා කුමන වර්ගයක සර්පයෙක්දැයි හඳුහාගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.ඒ නිසා සත්ව උද්‍යාන බලධාරීන් මේ සර්පයාව හඳුනා ගැනීමට විශේසඥ උපකාර පතනවා.ඒ අනුව අදාලා සර්පයාව ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයක් වුන චිකාගෝහි පිහිටි "නැෂනල් හිස්‍ට්‍රි මියුසියම්"(National History Museum) වෙත රැගෙන එනවා.සර්පයාව හඳුනාගෙන වාර්තාවක් සැපයීම සඳහා යොමු කරන්නේ සර්පයන් පිළිබඳ විශාල දැනුමක් තිබූ මෙන්ම සර්ප විශේෂ රැසක් සොයාගෙන තිබූ සහ එවකට ප්‍රකටව සිටි කාල් පැටර්සන්ටයි.මේ වෙද්දී කාල්ගේ නමින් නම්වූ සර්ප විශේෂ රැසක් සිටියා.ඔහු ඒ තරමටම අදාල ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක්.
තරුණ වයසේ සිටි මේ සර්පයා Dispholidus typus නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන "අප්‍රිකානු බූම්ස්ලැන්ග්" (Boomslang) වර්ගයේ සර්පයකු බව බැලූ බැල්මට පෙනුනා.හිමෝටොක්සීන විශරැගත් බූම්ස්ලැන්ග් සර්පයින් සිටින්නේ අප්‍රිකානු මහද්වීපයට අයත් උප සහරා කලාපයේයි.
හඳුනාගැනීම සඳහා ගෙනා මේ සර්පයා අප්‍රිකානු බූම්ස්ලැන්ග් වර්ගයේ සර්පයෙකු ලෙස පෙනීගියේ සර්පයාගේ ශරීරය වසා දිවෙන දීප්තිමත් රටාවන් සහ සර්පයාගේ හිසේ හැඩය නිසා.නමුත් සාමාන්‍යයෙන් මෙම වර්ගයේ සර්පයෙකු දිගින් මීටර් දෙකක් දක්වා වූ උපරිම දිගකිනුත්, මීටර් 1 ත් මීටර් 1.6 ත් අතර වූ සාමාන්‍යය දිගකිනුත් යුක්ත වෙනවා.තරුණ වයසේ සිටි මේ සර්පයා දිගුවූයේ අඟල් තිහක් පමණයි.මීට අමතරව සර්පයාගේ වෙනත් ශාරීරික වෙනස්කම් සලකා බැලීමේදී මේ Boomslang වර්ගයේ සර්පයෙකුදැයි නිශ්චය කිරීම විශේසඥයෙකු වූ කාල්ට පවා අපහසු වුනා.
ඒ සැප්තැම්බර් මාසයේ 25 වෙනිදා.සර්පයා පිළිබඳ තවමත් නිශ්චිත අදහසක් තිබුනේ නැහැ.තවත් හොඳින් අධ්‍යනය කිරීමේ අරමුණින්,කිසිඳු ආරක්ෂක උපක්‍රයක් හෝ අනුගමනය නොකර කාල් පැටර්සන් මේ සර්පයාව සිය දෝතට ගත්තේ වසර ගණනක තම අත්දැකීම පිළිබඳ විශ්වාස කරමින්.
නමුත් සිදුවූයේ නොසිතූ දෙයක්....!
එක්වරම සර්පයා කාල්ගේ වම් අතේ මහපට ඇඟිල්ලට දශ්ට කරන්නේ මිලිමීටර් කීපයක් ගැඹුරට යන තුවාලයල් සාදමින්.නමුත් සර්ප විශ ශරීරය තුලට කාන්දුවීමට ඒ හොඳටම ප්‍රමාණවත්.
සර්ප දශ්ටනයකින් පස්සේ සාමාන්‍යය අයෙක් නම් සිදුකරන්නේ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම.ඒත් කාල් දැක්වූයේ ඊට වෙනස් ප්‍රතිචාරයක්.
දශ්ටනයෙන් කලබල නොවුනු කාල් හෙමීට තමන්ගේ සටහන් පොත අරගෙන යමක් ලියන්නට පටන් ගත්තා.ඒ සර්ප දශ්ටනයෙන් තමන්ගේ ශරීරයේ ඇතිවුන වෙනස්කම්, නැතිනම් සර්ප විශ කාල්ගේ ශරීරයේ ඇතිකරපු වෙනස්කම්.ඔහු මොහොතින් මොහොත කාලයට අනුරූපව සර්ප විශ තමන්ගේ ශරීරය තුල සිදුකරන්නාවූ වෙනස් කම් සටහන් කරා.ඒ බූම්ස්ලැන්ග් සර්ප විශ ශරීර ගතවූ පසු ඇතිවන ලක්ෂණ මොනවාදැයි සොයාගැනීමේ අරමුණින්.මේ සටහන් කාල්ගේ ඊලඟ පරීක්ෂණ වාර්තා වීමට ඉඩ තිබුනා.
මේ දශ්ටනය තමාගේ ජීවිතය උදුරාගනීවි යැයි බොහෝවිට කාල් නොසිතන්නටත් ඇති.කෙසේ වුවත් ඔහු දිගටම රචනා කලා.
කිසිඳු ගැටලුවකින් තොරව නිර්පද්‍රිතව සවස වැඩකටයුතු අහවර කර දුම්රියේ නැගී නිවෙස බලාද පිටත් වුනා.ඒ යන අතරතුරදී පවා තමන්ට දැනෙන දේ ඔහු පැහැදිලිව වාර්තා තැබුවා.
ආහාරයට ගත් කෑම වර්ග සහ ප්‍රමාණයන්,බීමට ගන්නා බීම වර්ග සහ පරිමාවන්,පිට කරන මුත්‍රා ප්‍රමාණය සහ වර්ණය,නිදාගන්නා වෙලාවන් ආදී සියලු දත්තද ඔහු කාලානුරූපව සටහන් කරගත්තා.
මුලින්ම, දුම්රිය ගමනේදී කාල්ට තරමක ඔක්කාරයක් දැනෙන්න පටන් ගන්නවා.නිවසට පැමිණි පසු තද උණ ගතියක්.ඊට පස්සේ මුඛයේ විදුරු මසින් රුධිරය වහනය වීමක්.ඊටත් පස්සේ ප්‍රථම වතාවට මුත්‍රා සමග රුධිරය පිටවීමක්.නමුත් මේ සියල්ලම මධ්‍යයයේ රාත්‍රියේ සුව නින්දක් ලබන්නත් කාල්ට හැකිවෙනවා.
පසුදා සුපුරුදු පරිදි අවදිවෙන කාල් නැවතත් ලිවීම අරඹනවා.
මෙවර තද ඔක්කාර ගතියක් සමග වමනය පිටවීම තරමක් වැඩිවී තිබෙනවා.ඒ වගේම උණ ගතියත් තවමත් ඉහළ මට්ටමක තිබුනා.තවද විදුරු මසට අමතරව නාසයෙන්ද රුධිරය වහනය වීම ඇරඹී තිබුනා........, කාල්ට තමන්ගේ වාර්තා පොතේ ලියන්නට පුළුවන් වුනේ එපමණයි.!
දහවල් ආහාරයට පසුව දහවල් 1.30ට පමණ එක්වරම වමනය දැමූ කාල්ට අපහසුතාවක් දැනුන නිසා උදව් ලබාගැනීමට වහාම තමන්ගේ බිරිඳට කතා කරනවා.ඒත් බිරිඳ ඔහු අසලට පැමිණෙන විටත් කතා කිරීමට නොහැකිව වචන ගිලීගිය, දහඩියෙ නැහැවුනු කාල් කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිව බිම වැටී සිටියා.වහාම ගිලන්රථයක් ගෙන්වා කාල්ව රෝහල් ගත කලත් ,සර්ප දශ්ටනය සිදුවී පැය 24කට පසුව එනම් සැප්තැම්බර් 26 වෙනිදා හවස 3.00 ට පමණ කාල් සිය අවසන් නොකල වාර්තාවද සමග මරණය වැළඳගත්තා.ඒවන විට කාල්ගේ වයස අවුරුදු 67යි.
මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව කාල්ගේ පෙනහළු , ඇස් , හෘදය , වකුගඩු සහ මොළය යන ඉන්ද්‍රියන්ගේ රුධිරය වහනය වීම් රැසක් තිබුනු බව පැවසෙනවා.මේ විදියට අභ්‍යන්තර රුධිර වහනයන් සිදුවීමට බලපෑවේ අප්‍රිකානු බූම්ස්ලැන්ග් සර්පයාගේ ප්‍රබල හීමොටොක්සීන විශයි.අවසානයේ කාල් මියගොස් තිබුනේ මේ විදියට ඇතිවුන අභ්‍යන්තර රුධිර වහනයන් නිසා ඇතිවූ හුස්මගැනීමේ අඩපන වීමක් නිසායි.
බූම්ස්ලැන්ග් සර්පයින් එතරම් ප්‍රවේගකාරී සර්ප විශේෂයක් නොවේ.ඔවුන් පහර දෙන්නේ ඔවුන්ව ඇල්ලීමට යාමේදී හෝ ඔවුන් අනාරක්ෂිත යැයි හැඟුනහොත් පමණයි.
මේ සර්පයාගේ විශ සාපේක්ෂව මාරාන්තික නොවුමත් සාමාන්‍යයෙන් බූම්ස්ලැන්ග් සර්පයෙකුගේ විශ මිලිග්‍රෑම් 0.0006 ක තරම් ඉතාම කුඩා ප්‍රමාණයකට වුවත් හොඳින් වැඩුණු පක්ෂියෙකු මිනිත්තු කීපයක් තුල මරාදැමිය හැකියි.
කෙසේවුවත් ප්‍රතිකාර නොගැනීම නිසා හෝ අවශ්‍යය ප්‍රමාණයට විශ ශරීරගතවූ නිසා කාල් පැටර්සන් එසේ අවාසනාවන්ත ලෙස මියගියා.
වාර්තාවල ප්‍රකාශ වූ අන්දමට ඔහු මිය යාමට පැය කීපයකට පෙරාතුව,රෝග ලක්ෂණ ක්‍රමයෙන් වර්ධනය වන අතරතුරදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයැයි ඔහුට යෝජනා කර ඇතිමුත් රෝගලක්ෂණ වාර්තා කිරීමට වෛද්‍ය ප්‍රතිකාර වල බලපෑමක් එල්ල වෙතැයි සිතූ කාල් එම යෝජනාව ප්‍රතික්ශේප කර තිබෙනවා.
දැනුම සොයායෑමේ අධික කුතුහලය කාල්ගේ මර්ණයට හේතු වූ බවයි පැහැදිලිවම පෙනෙන්නේ.නමුත් ඇතැමුන්ගේ මතය වූනේ
අප්‍රිකානු මහද්වීපයට ආවේණික සර්පයකු වූ මේ සර්පයාගේ විශට අදාල ප්‍රතිවිශ ඇමරිකාවේ නොමැති බවත් ඒවා ඇත්තේ අප්‍රිකාවේම පමණක් බවත් උරගයින් පිළිබඳ ප්‍රමුඛ පෙලේ විද්වතෙකු වූ කාල් පැටර්සන් දැනගෙන සිටි නිසා තමා නියත මරණයකට මුහුණදීමට යන බවත් එබැවින් ප්‍රතිකාර සඳහා මහන්සි වීම අර්ථ විරහිත බවත් අවබෝධ කරගෙන හේ නිහඬවම මරණය වැලඳගත් බවයි.
(චායාරූපය: කාල් පැටර්සන්)
-- සංකල්ප ගුණතිලක✍️ | 29-05-2020
..................................................................
No comments:
Post a Comment