එක්දහස් එක් රැයේ කතාව
අදින් ශතවර්ශ ගණනාවකට කලින් මැදපෙරදිග කලාපය හා අසල්වැසි මධ්‍ය ආසියාතික රාජ්‍යන්ගේ සිට නැගෙනහිර දිශාවට ඉන්දියාව දක්වාත් ගංගා නදියෙන් ඔබ්බට චීන දේශ සීමාව දක්වාත් විහිදුනු සමස්ත ආසියාතික භූමිස්කන්ධය වසාගෙන මහා පර්සියානු අධිරාජ්‍යයාගේ කිරීටයේ අණසක පැතිරී තිබූ පරිසියානු අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගයේදී සිද්ද වුන කතාවක් තමයි මේක.
එවකට අධිරාජ්‍යයේ පාලකයා වූයේ ෂහායර් නම් තරුණ කඩවසම් රජකෙනෙක්.ඒ කාලේ අධිරාජ්‍යයාට තිබුනේ අසීමිත බලයක්..ඒ නිසා පර්සියානු අධිරාජ්‍යයා ප්‍රසිද්ධ වෙලා හිටියේ "රජුන්ගෙත් රජ" කියලා..
මෙයාට හිටියා තව බාල සහෝදරයෙක් "ශහ් සාමන්" කියල.අන්න ඒ සහෝදරයා තමයි වර්තමාන උස්බෙකිස්තානයට අයිති "සමර්කාඩ්" ප්‍රදේශයේ සුල්තාන් වෙලා හිටියේ..
තරුණ ෂහායර් අධිරාජ්‍යයා පුරුදුවෙලා හිටියා රෑට රෑට වෙස්වලාගෙන නගරය පුරා සැරිරලා සාමාන්‍ය ජන ජීවිතයේ තත්වය ගැන සොයාබලන්න..ඉතින් දවසක් ඔය වගේ රාත්‍රී මුර සංචාරේ යනවෙලාවක අධිරාජ්‍යයා දකිනවා තමන්ගේ සහෝදරයාගේ බිරිඳ රජගෙදර කෝකියා සමග ඉන්නවා..ඒ දෙන්නා අයතා සම්බන්දයක් පටලවගෙන..මේක රජ පවුලට වගේම රජුන්ගෙත් රජ වුන තමන්ට කරපු ලොකු අපහාසයක්..ඉතින් තාපසයෙක්ගේ වුනත් ඇඟේ මාලු නටවන්න පුළුවන් මේ වගේ සිදුවීමක් දැක්කාම බලවත් රජකෙනෙක් ගැන කවර කතාද...ක්ෂණික කෝපයෙන් මුළු ඇඟම පිච්චුන ෂහායර් රජතුමා තමන්ගේ රාජකීය අසිපතෙන් ඒ වෙලාවම ඒ දෙන්නව ඒ කියන්නෙ සහෝදරයගේ වංචාකාර බිරිඳයි ඇයගේ අනියම් ප්‍රේමවන්තයා වුන කෝකියවයි මරල දානවා..
මේ සිද්දවුන සිද්දියෙන් කම්පනයට පත්වුන අධිරාජ්‍යයා තමන් ගියපු රාජකාරිය අතරමැද නවත්තලා ආපහු මාලිගාවට එනවා..ඇත්තටම ඒක හදිස්සි පැමිණීමක්..ඉතින් මේ හදිස්සියේම මාලිගාවට ආපු රජතුමා ඊලඟට දකින දෙයින් එතුමාගේ කෝපය දෙගුණ තෙගුණ වෙනවා..ඒ කියන්නේ තමන්ගේ බිරිඳ එනම් එතුමාගේ රාජකීය බිසවත් අර කලින් සහෝදරයාගේ බිරිඳ වගේම වෙනත් පිරිමියෙක් එක්ක ඉන්නවා මෙතුමා දකිනවා..එක ලඟම වුනු මේ අනපේක්ෂිත සිදුවීම් ද්විත්වයෙන් වික්ශිප්ත වුන ෂහායර් රජතුමා තවමත් ලෙයින් තෙත්වී තිබුණු තමන්ගේ රාජකීය අසිපතෙන් තමන්ගේ වංචාකාර බිරිඳත් ඈ සමග යහන් ගතවී සිටි ඇගේ අනියම් ප්‍රේමවන්තයාත් දෙපලු කරල විතරක් නවතින්නෙ නෑ..එතුමා කාන්තාවක් ගැන අතිශයින්ම කලකිරෙනවා..සියලු ස්ත්‍රීන් වංචාකාරියන් විදියට දකින්න පුරුදු වෙනවා..ඉතින් කාන්තාවන් ගැන ඇතිවුන මේ වෛරයේ ප්‍රතිපලයක් විදියට පහුවදා උදේම රාජසභාව කැඳවපු රජතුමා අතිශයින්ම දරුණු අනුකම්පාව විරහිත රාජ ආඥාවක් නිකුත් කරනවා..
ඒ තමයි සෑම උදෑසනකම එක් කන්‍යාවියක් අධිරාජ්‍යයේ පාලකයා වන තමන් විසින් විවාහකරගන්නා බවත් එදින රාත්‍රිය ඇය සමග ගතකර පසුවදා උදේම එම ස්ත්‍රියගේ හිසගසා දමා නැවත තවත් ස්ත්‍රියක් විවාහ කරගන්නා බවත් සියළු රටවැසියන්ට දැන්වූ රාජ නියෝගය.
ඉතින් ඒ විදියට හැම උදේකම එක් කන්‍යාවියක් විවාහ කරගෙන පසුවදා ඇයගේ හිස ගසා දමා තවත් කන්‍යාවියක් විවාහ කරගනවා..ඇයටත් ඒ ඉරණමමයි..මේ විදියට දවස් ගණන් , සති ගණන් , මාස ගණන් ගෙවිල අවුරුදු ගණනුත් ගෙවිල යනවා..සමහර ගැහැණු ළමයි තමන්ගේ පණ බේරගන්න රහසේම ඈත ප්‍රදේශවලට පැනය යනව..ඉතිරි අය රජ අණට කීකරු වෙලා තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවනවා..කාලයක් ගෙවිල යද්දි අගනුවරත් ඒ අවට අනෙක් ප්‍රදේශවලත් ගැහැණු ළමයි දෙදෙනෙකු හැරෙන්න වෙනත් කිසිඳු කන්‍යාවක් ඉතිරිවෙලා හිටියේ නෑ..ඔක්කොම රාජ නියෝගයෙන් මරලා..සුළු පිරිසක් පැනල ගිහිල්ලා..
මේ ඉතිරි වෙලා හිටිය දෙන්න තමයි අධිරාජ්‍යයාගේ රාජකීය ලේඛම්ගේ දුවල දෙන්න..ලොකු දුව "ෂෙහෙරාසාඩ්"..පොඩි දුව "දුන්‍යාසාඩ්".එහෙම නැත්නම් "ඩිනාසාඩ්"..මේ දෙන්නගෙන් නංගි ගොඩක් පොඩියි.එයාට විවාහයකට යන්න තරම් වයසක් නෑ.ඉතින් යන්තම් තරුණ වයසට පාතබල තිබ්බ අහිංසක රූමත් වඩාත් සිත්ගන්නාසුළු ෂෙහෙරාසඩ් දිහාවට මාරයාගේ බැල්ම වැටෙනවා.රාජකීය ලේඛම් වුනත් ෂෙහෙරාසඩ්ගේ පියාණන්ට තමන්ගේ දියණියව බේරගන්න විදියක් නෑ.මොකද රජ අණ සියල්ලට උඩින් පවතින නිසා.ඉතින් තමන්ගේ ආදරණීය දියණියට අත්වෙන්න යන ඉරණම ගැන කම්පා වුන ෂෙහෙරාසඩ් කුමරියගේ පියාණන් දියණියට රහසේම පැන යන ලෙසට යෝජනා කරනවා.පැනල යන්න අවශ්‍යය සියලු කටයුතු සූදානම් කරනවා.නමුත් නිර්භීත ෂෙහෙරාසඩ් කුමරිය රාජ නියෝගයට කීකරු වෙන්න තීරණය කරනවා.පියාණන් බැගෑපත්ව ඉල්ලනවා.ඒත් ෂෙහෙරාසඩ් කුමරිය තීරණය කරලා ඉවරයි තමන්ගේ ඉරණමට මුහුණ දෙන්න.ඉතින් ගෙදර අයගෙන් සමුඅරන් තමන්ව අරන් යන්න ආපු රාජකීය දෝලාවේ නැගල ෂෙහෙරාසඩ් මාලිගාවට පිටත් වෙනවා.
රජතුමා එක්ක විවාහ වෙනවා.දවස ගෙවිල යනවා.රාත්‍රිය උදාවෙනව වෙනද වගේම මූසල විදියට මේ රජ මැදුරට.
හැබැයි ෂෙහෙරාසඩ් කුමරිය හරිම බුද්ධිමත්.එතරම් ලේසියෙන් මාරයාට හිස දන් දෙන්න ඇය සූදානම් නැහැ.ඉතින් ෂෙහෙරාසඩ් කුමරිය පොඩි උපක්‍රමයක් කල්පනා කරනවා තමන්ගේ මරණය කල් දාගන්න.ඉතින් මෙයා රජතුමාගෙන් ඉල්ලනවා තමන්ට අවසන් කැමැත්තක් ඉශ්ට කරන්න ඉඩ දෙන්න කියලා.තමන් සෑම රාත්‍රියකම නින්දට පෙර තමන්ගේ නැගණියට කතන්දර කියා දෙන බවත් එදින තමන්ට ජීවත් වීමට ඉතිරිව ඇති අවසාන රාත්‍රියේද තම නැගණිය වෙනුවෙන් ඒ යුතුකම ඉටුකිරීමට අවසර දෙන මෙන් රජතුමාගෙන් ඉල්ලා සිටිනවා.රජතුමා සිය අනුමැතිය ඒ සඳහා ලබාදෙනවා.
සිය නැගණියව මාලිගාවට ගෙන්න ගන්නා ෂෙහෙරාසඩ් කුමරිය නැගණියව ඇය අසලින් තබාගෙන කතාව කියන්න පටන් ගන්නවා..කාමරේ කෙලවරක රජතුමත් වාඩිවෙලා ඉන්නවා.ඒ ඉන්න ගමන් එයත් කතාවට ඇහුම්කන් දීගෙන ඉන්නවා.කුතුහලයෙන් පිරුණු මේ කතන්දරය ඉතාමත් උද්වේගකර විදියට ගලාගෙන යනකොට මේකට ඇහුම්කන් දීගෙන හිටපු රජතුමාගෙ හිතත් දැන් කතාවට තදින්ම ඇලිලා..
මැදියම් රැයත් පහුවෙනකම්ම කතාව කියපු ෂෙහෙරාසඩ් එකපාරටම කතන්දරයේ උච්චතම තැනේදී කතාව නතර කරනවා..දැන් රජතුමාට ඉතුරු ටික දැනගන්න කල් ඉවසිල්ලක් නෑ.ඉතින් රජතුමා ෂෙහෙරාසඩ්ට නියෝග කරනවා කතාවේ ඉතුරු ටිකත් කියන්න කියලා..ඉතින් දැන් බොහෝ රෑබෝ වී ඇති බවත් හෝරා කීපයකින් හිරු පායන බවත් කතාව සම්පුර්ණ කිරීමට දැන් කාලයක් නැති බවත් ෂෙහෙරාසඩ් කුමරිය රජතුමාට පවසනවා.ෂෙහෙරාසඩ්ව මැරුවොත් කතාවේ ඉතිරි ටික දැනගන්න විදියක් රජතුමාට නෑ.ඉතින් රජතුමා කතාව අවසන් කිරීමට තවත් එක් රැයක් ජීවත් වීමේ වරම ෂෙහෙරාසඩ් කුමරියට ලබාදෙනවා.ඒ ඊලඟ රාත්‍රියේ කතාව අවසන් කරයි කියන බලාපොරොත්තුවෙන්.ඊලඟ රාත්‍රිය එළඹුණාට පස්සේ ෂෙහෙරාසඩ් සුපුරුදු පරිදි කතාව පටන් ගන්නවා.ඉක්මනට කියමිනි හිටි කතාව ඉවර කරල අලුත් කතාවක් පටන ගන්නවා.ඒ කතාවත් උච්චතම තැනට ගෙනල්ලා එක පාරටම නවත්තනවා.ඊට පස්සෙ වෙන්නෙත් කලින් සිදුවීම් ටිකමයි.ෂෙහෙරාසඩ්ට තවත් රැයක් ලැබෙනවා ඒ කතාවත් ඉවර කරන්න.
ඔය වගෙ හැමදාම කතාවේ උච්චතම තැනදී කතාව නතර කරන ෂෙහෙරාසඩ් කුමරිය කතාව සම්පූර්ණ කිරීමට තවත් එක් රැයක් ජීවීත් වීමේ වරම බලාගන්නවා..කාලයක් ගෙවිල යද්දී කතන්දර එකින් එක අහගෙන ඉද්දී ෂෙහෙරාසඩ්ව මරාදැමිය යුතු බව අමතක වෙලා ඇයගේ මේ අපූරු කතාන්දර ඇසීම රජුගේ පරම අපේක්ෂාව බවට පත්වෙනවා.එතුමා නොදැනීම එතුමාගේ තද සිත මෙලෙක් වෙලා ෂෙහෙරාසඩ්ගේ කතන්දර ගාවත් ෂෙහෙරාසඩ් ගාවත් නවතිනව.
ඉතින් ඔය විදියට රැයවල් එකින් එක ගෙවිල ගිහින් නොදැනීම රාත්‍රීන් එක්දහස් එකක්(1001) ගෙවිල යනවා.මේ රාත්‍රීන් එක්දහස් එක පුරාවට ෂෙහෙරාසඩ් දන්න කතන්දර සේරම අවසන් වෙලා ඉවරයි.තවදුරටත් කියන්න කතන්දරයක් ඇය සතුව නැහැ.ඉතින් ෂෙහෙරාසඩ් කුමරිය ඒ බව රජතුමාට දැනුම් දීලා මරණය වැළඳ ගන්නට හිතාහදාගන්නවා.නමුත් පසුවදා උදෑසන මරණය වෙනුවට ඇයව වැළඳ ගන්නේ මරණීය නියෝගය නිකුත් කල තමන්ගේ කතන්දර රාත්‍රීන් එක්දහස් එකක් පුරා අසා සිටි මහා පර්සියානු අධිරාජ්‍යයායි.ඒ මේ වන විටත් අධිරාජ්‍යයාගෙ හිත ෂෙහෙරාසඩ් ගාව නැවතී ඇති නිසයි.කිසිදිනෙක නැවත ආදරය හමු නොවේයැයි සිතූ තමන්ගේ හිත ආදරයෙන් තෙත් කල මේ සුන්දර කාන්තාර කුසුම අසිපත් පහරකින් සිඳලන්නේ කෙසේද්..?
එය කොයි තරම් නම් පාපයක්ද..?
කොයිතරම් නම් ශාපයක්ද..?
ඉතින් අධිරාජ්‍යයා තමන්ගේ රාජ නියෝගය ඉවත් කරගන්නවා විතරක් නෙමෙයි ෂෙහෙරාසඩ් කුමරියව තමන්ගේ අග්‍ර මහේෂිකාව බවත පත් කරගන්නවා..ඒ වගේම ෂෙහෙරාසඩ්ගේ නැගණිය නිසි වයසට එළඹුනාව ඇයව තමන්ගේ සහෝදරයට විවාහ කරලත් දෙනවා..
අන්න ඒ විදියට තමයි රාත්‍රීන් එක්දහස් එකක් කතන්දර කියූ සුන්දර ෂෙහෙරාසඩ් කුමරිය මුළු මහත් පර්සියානු අධිරාජ්‍යයටම අග රැජිණ වෙන්නේ..
ෂෙහෙරාසඩ් කියපු කතන්දර "එක්දහස් එක් රැය" නමින් පර්සියානු අධිරාජ්‍යය පුරාත් පසුකාලීනව ලෝකය පුරාත් ප්‍රසිද්ධ වෙනවා.
අපි අතරේ " අරාබි නිසොල්ලාසය" නමින් ප්‍රසිද්ධ වුනේ අන්න ඒ කතා තමයි.
අන්න ඒ විදියට තමයි රාත්‍රීන් එක්දහස් එකක් කතන්දර කියූ සුන්දර ෂෙහෙරාසඩ් කුමරිය මුළු මහත් පර්සියානු අධිරාජ්‍යයටම අග රැජිණ වෙන්නේ..
ෂෙහෙරාසඩ් කියපු කතන්දර "එක්දහස් එක් රැය" නමින් පර්සියානු අධිරාජ්‍යය පුරාත් පසුකාලීනව ලෝකය පුරාත් ප්‍රසිද්ධ වෙනවා.
අපි අතරේ " අරාබි නිසොල්ලාසය" නමින් ප්‍රසිද්ධ වුනේ අන්න ඒ කතා තමයි.