කොරෝනාට පසුව චීනයෙන් තවත් මාරාන්තික වෛරසක්…………☣️☣️☣️
චීනයේ යූනාන්(Yunnan) පලාතෙන් තවත් වෛරසයක් ගැන අසන්න ලැබී තිබෙනවා.ඒ නිරිතදිග චීනයේ යූනාන්හි මිනිසෙකු ඉකුත් සඳුදා දින(මාර්තු 23) අභිරහස් ලෙස මියයාමත් සමගයි. යූනාන් සිට නැගෙනහිර ශැන්ඩොන්(Shandong) පළාත දක්වා ගමන් කරමින් සිටිනා අතරතුර ඔහු ගමන් කරමින් සිටි බස් රථය තුලදීම අදාල තැනැත්තා මියගොස් ඇති අතර පසුව සිදුකල පරීක්ෂණ වලදී මොහුට Hanta virus නම් වෛරසය ආසාධනය වී ඇතිබව සොයාගැනෙනවා.ඒ අනුව ඒ මොහොතේ බසයේ සිටි ගණනින් 32ක් වූ අනෙක් මගීන්ද වහාම වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.නමුත් ඔවුන්ට අදල වෛරසය ආසාධනය වී තිබේදැයි යන්න තවමත්(24 දිනට) නිළ වශයෙන් ප්‍රකාශ කර නැහැ.කෙසේවුවත් මීයන් විශේෂයක් මාර්ගයෙන් පැතිරෙන මෙම වෛරසය කොරෝනා වෛරසයට සාපෙක්ශව මිනිසාගෙන් මිනිසාට බෝ වීමේ සම්භාවිතාව පවතින්නේ ඉතාම පහල මට්ටමකයි.
#මොකක්ද මේ Hanta Virus ?
Hantaviridae නම් වෛරස පවුලට අයත් මෙම වෛරසයද කොරෝනා , HIV සහ ඉබෝලා වෛරස මෙන්ම RNA අණු දරණ වෛරසයක්.
මෙම Hanta වෛරසය මී කුළයේ සාමාජිකයන්ට ආසාධනය වන වෛරසයකි.එසේ ආසාධනය වුවත් ඔහුන් තුල මෙමගින් රෝග ඇතිකිරීමක් සිදුනොවේ.
#ඉතිහාසය ?
මුලින්ම 1913 වසරේ රක්තපාතය ඇති කරමින් මුත්‍රා පද්ධතියට බලපෑම් කරන HFRS රෝගය පිළිබඳ වාර්තාවන්නේ රුසියානු වෛද්‍ය වාර්තාවලයි.ඒ නැගෙනහිර සයිබීරියාවේ පැතිරුනු වෛරසක් පිළිබඳව වාර්තායි.
නමුත් ඒ සමානම රෝගයක් පිළිබඳ විස්‍තර ක්‍රි.ව.960 තරම් ඈත අතීතයේ චීන වෛද්‍ය වාර්තා වලින් හමුවේ.
ශ්වසන පද්ධතිය ආශ්‍රිත බලපෑම් ඇතිකරන HPS රෝගය මුලින්ම සොයාගැනුනේ ඇරිසෝනා , නම මෙක්සිකෝ , කොලරාඩෝ සහ ඌටා ප්‍රාන්ත අවට නිරිතදිග ඇමරිකානු ප්‍රදේශයන්ගෙනි.ඒ 1993 වසරේදීය.හඳුනා නොගත් ශ්වසන රෝගයක් ලෙස වාර්තා වු පසුව සිදුකල පරීක්ෂණ වලනි HPS හෙවත් Hantavirus Pulmonary Syndrome ලෙස සොයාගැනින.
Hantavirusයට එම නම ලැබී ඇත්තේ කොරියානු ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ටතම වෛරසය වේදියෙකු වූ වෛද්‍ය හෝ-වෑන්ග්-ලී විසින් 1976දී මුල් වරට වෛරසය හඳුනාගත් දකුණු කොරොයාවේ Hantan ගංඟා නිම්නය නිසායි.
#මිනිස්සුන්ට බෝවෙන්නේ කොහොමද ?
Hanta virus මිනිසාට බෝවන්නේ එම වෛරසය ආසාධනය වූ මී කුලයේ සාමාජිකයන්ගෙනි.එම මීයන් විසින් බැහැරකෙරෙන මල මුත්‍රා මගින් හෝ එම මීයන්ගේ සපාකෑම් වලට ලක්වීමෙන් මෙය මිනිසාට වැළඳිය හැක.ආසාධිත මීයන්ගේ මල මුත්‍රා සමග පිටවන වෛරස වාතය සමග මුසුවී අප හුස්ම ගැනීමේදී ආශ්වාස වාතය තුලින්ද ශරීරයට ඇතුලුවිය හැක.
#මාරාන්තිකද ?
Hanta Virus පවුලේ සාමාජිකයන්ගෙන් කීපදෙනෙක් මිනිසාට මාරාන්තික වුවද අනෙකුත් සාමාජිකයන්ගෙන් මිනිසාට රෝග සෑදෙන්නේ නැත.මිනිසාට එලෙස ආසාධනය කල හැකි වෛරස නිසා රුධිර සංසරණ පද්ධතිය , මුත්‍රා පද්ධතිය සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිකරයි.
එම රෝග නම් ,
* මුත්‍රා පද්ධතියට හානිකරමින් රක්තපාත තත්වයක් ඇති කරන Hantavirus hemorrhagic fever with renal syndrome (HFRS)
* ශ්වසන පද්ධතිය ආශ්‍රිත බලපෑම් ඇතිකරන Hantavirus Pulmonary Syndrome හෙවත් Hantavirus Cardiopulmonary Syndrome.(HPS).
* මීට අමතරව HFRS රෝගතත්වයේම ප්‍රබේදයක් වන Nephropathia epidemica(NE).මෙය එංගලන්තය හැර අනෙකුත් යුරෝපානු රටවලින් හමුවේ.
ඉහත මුත්‍රා පද්ධතියට හානි කරන(HFRS සඳහා හේතුවන) හැන්ටා වෛරසය බොහෝවිට ආසියාවෙන් හා යුරෝපයෙන් හමුවී ඇති අතර එය "පැරණි ලෝකයේ හැන්ටා වෛරසය"(Old world Hantavirus) ලෙස හඳුන්වන අතර , ශ්වසන පද්ධතියට හානි කරන(HPS සඳහා හේතුවන) වෛරසය " නව ලෝකයේ හැන්ටා වෛරසය"(New world Hantavirus) ලෙසද හඳුන්වයි.එය බහුලවම ඇමරිකානු මහද්වීප අවටින් හමුවේ.
#වැඩිපුරම හැදෙන්න පුළුවන් කාටද ?
*වැඩිම අවධානමක් ගොවියන්ට ඇත.
*වනාන්තර ආශ්‍රිතව මෙන්ම අපිරිසිදු හෝ ග්‍රාමීය පරිසරන් තුල ජීවත් වන පුද්ගලයින්
*කඳු නගින්නන්
#රෝග ලක්ෂන ?
මුලින්ම : උණ
මස් පිඬු වේදනාව
ශීතල ගතියක් දැනීම
දින කීපයකට පසු : හිසරදය
වියළි කැස්ස
වමනය
හුස්ම ගැනීමේ අපහසුව
#ආරක්ශාව වීම.
*මී වසුරු හා බහිස්‍රාවී ද්‍රව්‍ය වලින් ඈත්වී සිටීම.
*අපිරිසිදු පරිසර පද්ධති තුල සිදුකරන කාරියන් වලදී අතාවරණ මුව ආවරණ වැනි ආරක්ෂිත ක්‍රමවේද භාවිතය.
උපුටා ගැනීම: Healthy Life kit facebook පිටුව ඇසුරෙනි.
https://www.facebook.com/773202026175155/posts/1493573307471353/
No comments:
Post a Comment