චීනය කොරෝනා මෙහෙයුම ජයගත්තේ මෙහෙමයි……………☣️☣️☣️
ලෝකයේ මහද්වීප හතක් ඇත.එයින් කිසිඳු මිනිසෙකු නිත්‍ය වශයෙන් වාසය නොකර අයිස් මිදුනු සීතල ඇන්ටාට්ටික් මහද්වීපය හැර අන් සෑම මහද්වීපයන් පුරා රාජ්‍යන් 199ක් වසාගනිමින් හා ලක්ෂ හයකට අධික මිනිසුන් ප්‍රමාණයක් ආසාදනය කරමින් හා බිලියන ගණනක් පීඩාවට පත් කරමින් මේ වන විට අප වැඩි වැඩියෙන් කතාබහ කරන කොරෝනා වෛරසය නැත්නම් COVID-19 රෝගය පැතිරී හොස් හමාරය. සරලවම එය ලෝකයම ආක්‍රමණය කර හමාරය.
මෙම නව කොරෝනා වෛරසයේ උපන් බිම චීනය බව නොරහසකි.චීනයේ හුබෙයි පළාතේ අගනුවර වන වූහාන් නගරය වෛරසය මුලින්ම පැනනැගී ස්ථානයයි.ඉන් පසු අසල්වැසි රාජ්‍යයන්ටත් ආසියාවේ අනෙක් රාජ්‍යයන්ටත් පසුව යුරෝපයට හා ඇමරිකාවටත් කොරෝනා වෛරසය දායාද විනි.
වෛරසය චීනයෙන් උපත ලද්දා වුනත් වර්තමානයේ චීනය සාර්තකව වෛරසය මැඩපවත්වා ඇති අතර චීන වෛද්‍ය කණ්ඩායම් මේ වන විට සිය දැනුම අනෙක් රාජ්‍යයන් හා බෙදාගනිමින් සිටී. ඒ ලෝකයාම කොරෝනා සමග සටන් වදිනා අතරය.කොරෝනා මෙහෙයුමේදී චීනයේ සාර්තකත්වය වර්තමානය වනවිට මෙතරම් සාධනීය මට්ටමක තිබුනත් ආරම්භ වේදනාකාරී විය.එමෙන්ම මේ දක්වා ගමන් මගද වේදනාකාරී හා වෙහෙසකර එකක් විය.
2019 දෙසැම්බර් මාසයේ අග භාගයේ හඳුනා නොගත් නිව්මෝනියා තත්වයක් පිළිබඳ චීනයේ වූහාන්හි වෛද්‍ය කණ්ඩායම් විසින් මුල් වරට ප්‍රකාශ කරන ලදී.මෙසේ හඳුනාගත් රෝගීන්ගෙන් බහුතරය වූහාන්හි මාංශ වෙළඳ සැල් වෙත ආගිය අයවලුන් විය.එබැවින් මෙය අහාර ඔස්සේ එනම් සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝගයක් ලෙස අනුමාන කෙරුනු අතර මෙතරම් බරපතල තත්වයක් දක්වා වර්ධනය නොවේයැයි ඔවුන් විසින් අනුමාන කර ඇත.දෙසැම්බර් 12 දින සොයාගැනුනු පළමු කොරෝනා රෝගියාගේ සිට 2020 ජනවාරි 09 දින පළමු කොරෝනා මරණය දක්වාම මිනිසාගෙන් මිනිසාට කොරෝනා බෝ නොවන බව පිළිගැනුනද රෝගයේ තිඹිරිගෙය ලෙස සැලකුනු මාංශ වෙළඳපොළ හා කිසිඳු සම්බන්ධයක් නොවූ පළමු වරට මිය ගිය රෝගියාගේ බිරිඳට මෙය ආසදනය වීමත් සමග එම මතය වෙනස් වීම ඇරඹෙන ලදී. ඒත් සමගම ඊට පසුදින එනම් ජනවාරි මස 10 දින වූහාන් නගරයෙන් පිටත එනම් ෂෙන්සෙන් පළාතේ සම්පුර්ණ පවුලකටම කොරෝනා ආසාධනය වී ඇතිබව සොයාගැනින.මෙම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකුම වූහාන් ආගිය අය වූඅතර එම පවුලේම වුහාන් නොපැමිනි අයටද මෙම රෝගයම වැළඳී තිබිනි.ඒ අනුව මුල් වරට නව කොරෝනා වෛරසය මිනිසාගෙන් මිනිසාට බෝවන බව චීන සෞඛ්‍ය බළධාරීන් විසින් ජනවාරි 20 දින ප්‍රකාශ කරන ලදී.
රෝගීන් ප්‍රමාණය ඉතා සීඝ්‍රයෙන් වැඩිවන ලකුණු පෙනෙන්නට තිබිනි.ජනවාරි 14 දින වන විට හඳුනාගත් රෝගීන් ගණන 41 පමණක් වුවත් දෙසතියක් ඉක්මවීමට මත්තෙන් වාර්තාගත රෝගීන් ගණන 2000කටත් අධික විය.මෙම සීඝ්‍ර වර්ධනයත් සමග හදිසි වසංගත තත්වයකට මුහුණ දීමට චීනය සූදානම් විය.ජනවාරි 20 දින ජාතිය ඇමතූ එරට ජනාධිපති ශී ජින්පින්(Xi Jinping) ජනතාවගේ ජීවිත ආරක්ශාව සහ සෞඛ්‍ය ප්‍රමුඛත්වයේලා සලකා කටයුතු කරන බව දනුම් දෙන ලදී.ඒ අනුව වසංගත තත්වය පාලනය කිරීමට ඉතා ඉක්මන් තීරණ ගැනීමට සිදුවිය.
රෝගය වූහාන් පුරා ඉතාම සීග්‍රයෙන් පැතිරෙමින් තිබිනි.මුලින්ම මෙය වූහාන් පලාතෙන් බාහිර චීනය දක්වා පැතිරීයාව පාලනය කිරීම සිදුකල යුතුවිය.එය සැබැවින්ම අභියෝගාත්මකය.ඒ වූහාන් නගරය රට මැද්දට වෙන්න පිහිටීම නිසා මෙන්ම වූහාන් තුල මිලියන 14ක ජනතාවක් ජීවත් වන නිසායි.
මේ වසරේ චීනයේ නව වසරෙ උදාව ගෙවීගිය ජනවාරි 25 දින එළඹීමට තිබිනි.මේ නව වසර සඳහා පිට පළාත්වල රැකියාවන් සහ අධ්‍යාපන කටයුතු සිදු කරන පිරිස් නැවත් සිය ගම්බිම් බලා පැමිණීමට නියමිතව තිබිනි.මෙව වාර්ශික සිදුවන ලොව විශාලම ආගමන විහමනය ලෙස සැලකේ.ඒ බිලියන තුනක් පමණ මේ මාසය පුරාවට සංචාර, විනෝද චාරියා මෙන්ම නිවාඩු ගතකිරීම වැනි වෙනත් වෙනත් කාර්යයන් සඳහාද රට පුරා සැරිසැරීම සිදුවන නිසාය.මෙවැනි අතිවිශාල ජනතා එක්රැස් වීම් සහ විශාල වශයෙන් සිදුවන ගමනාගමන් කොරෝනා පැතිරීයාමට ප්‍රබල ලෙසම බලපානු ලබයි.එබැවින් වහා ක්‍රියාත්මක වන පරිදි නව වසර උදාවට පෙර දින එනම් ජනවාරි 24දින චීන රජය වහා ක්‍රියාත්මක වන පරිදි මුළු වූහාන් නගරය මෙන්ම හුබෙයි ප්‍රාන්තයේ ඉතිරි නගර 15ත් එක් දිනක් ඇතුලත වසා දමා මිලියන 60ක ජනතාව නිවාස අඩස්සියට පත් කරන ලදී.ඒ ලංකාවේ ජනගහනය මෙන් තුන් ගුණයකි.
සියලුම සිනමාශාලා, කෞතුකාගාර ,පාසල් විශ්වවිද්‍යාල මෙන්ම බහුතරයක් සාප්පු සංකීරණ පවා සම්පුර්ණයෙන්ම වසා දමා ජනතාවට නිවෙස් තුලටම වී සිටින්නට උපදෙස් ලබා දෙන ලදී.
තවද සියලු පොදු ප්‍රවාහන සේවා නවතා දමන ලදී.ඒ පොදු ප්‍රහාණය රෝගයේ සීග්‍ර පැතිරීමට ප්‍රධානම සාධයකයක් බැවිනි.පුද්ගලික වාහන වුව ගමනාගමනය සීමාකරන ලද අතර අවසර ලත් වාහන කීපයකට හැර අනෙක් සියලු වාහන ගමනාගමනය සඳහා භාවිතා කිරීම නවතා තමන ලදි.මේ සියල්ල ඉතාම ඉක්මනනින් සිදුවිය.කොටින්ම වෛරසය මිනිසාගෙන් මිනිසාට බෝවන බව සොයාගෙන තෙදිනක් ඇතුලතදීම මෙම ක්‍රියාමාර්ග එරට රජය විසින් ගන්නා ලදී.එමෙන්ම මෙය ජාතික වගකීමක් ලෙස සලකා ඉතා හොඳ ජනතා සහයක්ද මේ සඳහා ලැබිනි.
තවද රටේ අනෙක් ප්‍රදේශවල පවා දැඩි ක්‍රියාමාර්ග ගැනිනි.
නිදසුනක් ලෙස සාප්පු සංකීරණ හෝ සුපිරි වෙළඳසැල් වැනි ස්ථාන සඳහා ඇතුලුවන්නේ නම් අවම වශයෙන් මුහුණු ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය බව නීතියෙන් පිළිගැනිනි.එමෙන්ම වෙනත් පොදු ස්ථාන තුලට ඇතුලු වීමේදී ශරීර උෂ්ණත්වය මැනීම සහ මද වශයෙන් හෝ උණ පවතින්නේ නම් වහා ප්‍රතිකාර සඳහා යොමු කරවන ලදී.තවද සෑම ස්ථානයකම ජනතාවගේ තොරතුරු එක් රැස් කිරීමේ මධ්‍යස්තාන පිහිටුවා මෑතකදී සිදු කල සංචාර, ආශ්‍රය කල පිරිස් පිළිබඳ හා රෝගය සඳහා අදාල වන සෑල තොරතුරක්ම එකතු කරගන්නා ලදී.
ජනතාව දැනුවත් කිරීමේ වැඩකටයුතුද දිගින් දිගටම කරගෙන යන ලදී.රෝගයේ ස්වාභාවය , ව්‍යාප්තිය, බෝවීම සහ ආරක්ශා වීම වැනි කරුණු පිළිබඳව දැනුවත් කරල ලදී.ඒ අනුව ප්‍රතිකාර සඳහා යොමු විය යුත්තේ කිනම් අවස්තාවලදී යන්න සාමාන්‍ය ජනයා අවබෝද කරගනු ඇත.තවද චීනය පුරා නොමිලේ රෝගය පරික්ෂා කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවන ලද අතර පරීක්ෂණ ප්‍රතිපලය කුමක් වුනත් ඒ සඳහා කිසිඳු මුදලක් අය නොකිරිනි.නමුත් ඇමරිකාවේ නොමිලේ මෙවැනි පරීක්ෂණ සිදු කලද රෝගය වැළඳී නැතිබව තහවුරු වුවහොත් අදාල පරීක්ෂණය සඳහා වැයවූ මුළු මුදල ගෙවිය යුතුවේ.ඊට සාපෙක්ශව බලන කල චීනය ඉතාම සාධනීය සහ සාර්තක ලෙස රෝග නිවාරණ කටයුතු සඳහා අවතීර්ණ වී ඇත.
වසංගත රෝගය බෝවීම වැළක්වීමට අදාල සියලු පියවර එසේ ගැනුනද රෝහල් වල දිනෙන් දින වාර්තා වන රෝගීන් ගණන ක්‍රමයෙන් වැඩිවෙමිනි තිබිනි.පවතින රෝහල් තුල ඉඩ පහසුකම් අඩු වෙමින් තිබුනි.ඒ සඳහා ඔවුන් සතුව වූ එකම විසඳුම වූයේ නව රෝහල් සෑදීමය.එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි කොරෝනා සඳහාම වෙන්වූ නව රෝහලයක් සෑදීමට පියවර ගැනින.චීනය සිය හමුදා ශක්තිය මේ සඳහා යොදවන ලදී.දින 10ක් වැනි ඉතාම කෙටි කාලයක් තුල වූහාන්හි ඉදිකල ඇඳන් 1000කින් සහ දැඩිසත්කාර ඒකක 30කින් යුතු අංගසම්පූර්ණ කොරෝනා රෝහලට අමතරව රට පුරා හමුදා රෝහල් 63ක රෝගීන් සඳහා ඇඳන් 3000ක් වෙන්කර් ඇත.එමෙන්ම හමුදා වෛද්‍ය නිළදාරීන් 10,000ක් කොරෝනා මර්ධන සටනට එකතු කරගන්නට එරට සෞඛ්‍ය අංශ පියවර ගැනින.මෙම වෛද්‍ය කණ්ඩායම් වසංගත රෝග සම්බන්ධ විශිෂ්ටයන් වන අතර SARS සහ Ebola වැනි වසංගත තත්ව පාලනය සඳහාද සහභාගී වී අත්දැකීම් ඇති පිරිසක් විය.එමෙන්ම චීන ගුවන් හමුදාවද තමන් සතු දියුණු ගුවන් යානා සමග නිරතුරු සූදානමින් සිටියහ.
වෛරසය ශරීරගතවී රෝග ලක්ෂන පෙන්වීමට දින 14ක් ගතවන බැවින් ඉතා තදින් පාලනය කෙරුනු දින 14ක ස්වයං නිරෝධායන කාලයක් එරට රජය විසින් ප්‍රකාශයට පත්කල කරන ලදී.ඒ කාලය අතරතුර වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබාගනිමින් සිටි පිරිස් වෙත නිවසටම අවශ්‍යය ඖෂධ බෙදාහැරීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවන ලදී.සාමාන්‍යයෙන් ලබාදෙන එක් මසක මාත්‍රාව වෙනුවට මාස තුනකට සරිලන ඖෂධ මෙසේ බෙදාහරින ලදී.මෙසේ ඉතාම ඉක්මනින් මෙන්ම වඩා සාර්තක ලෙස චීනය සිය සෞඛ්‍යය ආරක්ෂන සහ ප්‍රවර්ධන කටයුතු දියත් කල අතර රෝගය මැඩලීමට එය ප්‍රබල මෙන්ම වඩාත් ධනාත්මක ලෙස බලපාන ලදී.
තවද නිවෙස් තුලටම වී සිදුකරන ස්වයං නිරෝධායන කාලය තුල රැකියා ස්ථාන සියල්ලමත් වසා ඇති නිසා චීන ආර්තිකයට එල්ල වන මරු පහර වැළක්වීමට චීන ජනයා සිය නිවෙස්වලම සිට රැකියා කටයුතු සිදු කරන ලදී.චීන අධ්‍යාපන ආයතන සිය දේශන සහ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදුකල අතර ළමුන් හට නිවෙසටම වී අධ්‍යාපන කටයුතු සිදුකල හැකිවීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන කඩාවැටීම අවම කරගෙන ඇත.
රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වූ මුල්ම අවදියේ රෝගයට හේතුවූ වෛරසය මෙතෙක් සොයාගෙන නොතිබුන නවතම වෛරසයක් නිසා රෝග පාලනය පිළිබඳ තිබූ අනවබෝධය නිසාවෙන් ආසාධිතයන් ගණන හා මරණ අනුපාතය සීග්‍රයෙන් ඉහල ගියද වෛරසය හඳුනාගැනීමෙන් පසු සිදුකල ප්‍රතිකාර සහ ඉහත දැක්වූ පරිදි සිදුකල දැඩි පාලනය සහ චීන ජනයාගේ වූ ස්වයං විනය නිසා චීනයට කොරෝනා පරාජය කල හැකි විය.නමුත් වර්තමානයේ වැඩිම කොරෝනා මරණ අනුපාතයක් ඇති රට වූ ඉතාලියේ තත්වය චීනයට හාත්පසින් වෙනස්ය.ඔවුන්ගේ දැඩි නොසැලකිමත්කමත් අධික සමාජශීලීකමත් නිසා රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත විය.එමෙන්ම ඉතාලි සෞඛ්‍ය බලධාරීන්ද රෝගය උත්සන්න වන තෙක් එය නොසලකා හැර ඇති අතර රෝගීන් ගණන 1000 දක්වා වැඩිවන තෙක්ම කිසිඳු හදිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.එසේම ඉතාලි ජාතිකයන් සතු අධිතක්සේරුව නිසා ඔවුන් කොරෝනා අවතක්සේරු කර ඇති අතර ඉන් ප්‍රයෝජන ගත් කොරෝනා වෛරසය සිතාගැනීමටවත් නොහැකි ලෙස ඉතාලි සමාජය පුරා ව්‍යාප්ත වී තත්වය අතිශයින්ම දරුණු කර ඇත. ඉතාලියේ නොසැලකිමත් කමේ ප්‍රතිපලක් ලෙස මේ මස(මාර්තු) 20දින ඉතාලි ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේද එක් දිනක් තුල සිදුවූ වැඩිම මරණ ගණන වාර්තා විය.ඒ මරණ 627කි. ශ්‍රී ලාංකිකයන් සතු නොමනා හැසිරීම නිසා යම් දිනක ලංකාවද ඉතාලියක් වුවහොත් පුදුම විය යුතු නැත.
චීනය මෙන්ම භුතානයද සිය නිරෝධායන කටයුතු අතිවිශිෂ්ඨ ලෙස සිදුකරමින් පවතී.එය චීනයටත් වඩා වේගවත් පියවරකි.ඉන්දියාවේ සිට පැමිණි ඇමරිකානු ජාතික සංචරකයෙකු හට කොරෝනා වැලඳී ඇති බව පසුගිය 02 වෙනිදා සොයාගැනීමත් සමග සංචාරක කර්මාන්තය මත සිය ආර්තිකය ගොඩ නගා ඇති රාජ්‍යයක් වුනත් භුතානය විසින් රට තුලට සංචාරකයන් ඇතුලු විම පසුගිය 6 වනදා සිට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.භූතාන සෞඛ්‍ය බලධාරීන්ට අනුව අදාල රෝගියා තිම්පු නුවර රෝහලක් තුල නිරෝධායනය කර ඇත.එමෙන්ම එම සංචාරකයා ඇසුරු කල 90 දෙනෙකුත් , ඔහුගේ සහකරුත් , රියදුරා සහ මගපෙන්වන්නාත් මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.සංචාරකයන් සඳහා සති දෙකක තහනමක් පණවා ඇති අතරම තිම්පු නුවර සියළු පාසල්ද සති දෙකක් වසා ඇත.තවද සියලු සම්මේලනය සා සම්මන්ත්‍රණද සති දෙකකින් කල් දමා ඇත.ඒ අතරම ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩකටයුතුද ඉතා සාධනීය ලෙස සිදුවෙමින් පවතී.දැඩි අධීක්ෂණය , ආසාධන පිළිබඳ ප්‍රභව තක්සේරු කිරීම තුලින් තත්වය අවම කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.එක් රෝගියෙක් හමුවීමත් සමගම භූතාමය ආරම්භ කල මෙම නොනවතින ප්‍රබල කොරෝනා මර්ධන සංග්‍රාමය ශ්‍රී ලංකාවාසීන්ටද උගතහැකි දෑ බොහෝය.
ඉතාලියේ වසංගත දර්ශක ප්‍රස්තාරය(Epidemic Curve-කාලයත් සමග රෝගීන් ගණන දක්වන ප්‍රස්තාරය) සීනුවක හැඩය ගන්නා අතර එය තවම ඉහල යමින් ඇත.චීනයේ එහි සීග්‍ර නැග්මකින් ආරම්භ වුවද ඉන් පසුව අඩුවී ඇත.එය ඉතාලියට වඩා පැහැදිලිවම අඩු අගයකි.ශ්‍රී ලංකාවේ එම දර්ශයකට චීනයටත් වඩා පහත හෙලීමට සෞඛ්‍ය අංශ වෙහෙස වෙමින් සිටී.ඒ සඳහා අප සැම දයක විය යුතුය.
උපුට ගැනීම: Healthy Life kit facebook page(28-03-2020)
දැන් අපේ වාරෙ ❤️
ReplyDeleteඅනිවාර්යයෙන්ම❤💪
Delete