මොකක්ද මේ කොරෝනා වෛරසය...
Coronaviridae නම් වෛරස පවුලේ සාමාජිකයෙක් වන මෙම නවතම වෛරසය අනෙක් කොරොනා වෛරස සේම ශ්වසන පද්ධතිය සහ ආහාර මාර්ගයේ ඉහළ කොටස් වලට බලපෑම් කරන මාරාන්තික වෛරසයකි.ඉලෙක්ට්‍රොනික අන්වීක්ශයෙන් බලන විට සූර්ය කොරෝනාවක හැඩය ගන්නා නිසා "කොරෝනා වෛරස" ලෙස නම් ලැබී ඇති මෙය RNA අණු දරන වෛරස කාණ්ඩ අතරින් විශාලම වෛරසයද වේ.මේ සඳහා මේ වන විට කිසිඳු ඖෂධයක් සොයාගෙන නොමැත.
මුලින්ම කොරෝනා වෛරසයක් හඳුනා ගන්නේ 1960 වසරෙ වන අතර එය "Human corona virus 229E" නම් වූ අතර මෑත කාලීනව එනම් 2002-2003 වසර වල චීනය ඇතුලු ආසියාතිල රටවල් පුරා පැතිරුනු Sever acute respiratory syndrome මෙන්ම 2012 දී මැදපෙරදිග කලාපයේ ඔටුමස් හා ඔටු කිරි පරිභෝජනය නිසා ඇතිවූ Middle East Respiratory Syndrome සඳහාද හේතු වූයේ මෙම වර්ගයේම වෛරස වන අතර ඒවා පිළිවෙලින් SARS-CoA සහ MERS-CoA නම් කර ඇත.
* SARS-CoV වසංගතය :-
ආරම්භය - චීනය
ව්‍යාප්තිය - රටවල් 30ක් පුරා
ආසාධනයන් - 8,437
මරණ - 813
* MERS-CoV වසංගතය :-
ආරම්බය - සෞදි අරාබිය
ව්‍යාප්තිය - රටවල් 27ක් පුරා
ආසාදනයන් - 2,494
මරණ - 858
මෙම වර්ගයේ වෛරස වර්ග 6 ක් මේ වන විට සොයාගෙන ඇති අතර හත්වන වෛරසය ලෙස වර්තාමනයේ චීනය කේන්ද්‍ර කරගෙන පැතිරී යන "2019-nCoV" ලෙස නම් කර ඇති කොරෝනා වෛරසය හැඳින්විය හැකියි.
# මිනිස්සුන්ට ආවේ කොහොමද..??
දැනට පිළිගැනෙන මතය අනුව චීනයේ වෝහාන් පළාතේ ඇති මාංශ වෙලඳ සැල්වලින් මෙම වෛරසය පැන නැග ඇති බවයි. විද්‍යාඥයන් මිනිසා අතර පවත්නා කොරෝනා වෛරසයේ ජාන සැකැස්ම සතුන් අතර පවත්නා වෛරස සැකැසුම් ගණනාවක් සමග සංසන්දනය කල පසුව වඩාත් ආසන්නම සැකැස්ම සර්පයින් අතර පවතින බව සොයාගෙන ඇත.ඒ අනුව මෙය Chinese Cobra නම් නයි විශේශයකින් පැමිනි බව පිලිගනී.
#පැතිරෙන්නේ_කොහොමද...??
මෙම වෛරසය පැතිරෙන්නේ ප්‍රධාන වශයෙන්ම සුලඟ මගිනි.ආසධිත තැනැත්තෙක් කහින විට ඔහුගේ/ඇයගේ මුවින් හා නාසයෙන් පිට වන සෙම අංශු වල මෙම වෛරසය අඩංගු වේ.
මදුරු දශ්ටනයන් ආදියෙන් මෙම ශරීර ගත නොවේ.
#රෝග ලක්ෂන මොනවද...??
සාමාන්‍යයෙන් වෛරසය ශරීර ගතවූ පසුව රෝග ලක්ෂන මතුවීමට දින 10 - 14 ක් අතර කාලයක් ගතවේ..
රෝග ලක්ශන වන්නේ :-
1). උණ.
2). හුස්ම ගැනීමේ අපහසුතාව.
3). කැස්ස.
4). අක්මාව හා වකුගඩු ක්‍රියාකාරීවය
අඩපන වීම.
5). නිව්මෝනියාව.
ආරාක්ශා වෙන්නේ කොහොමද..??
1). සබන් යොදා දෑත් පිරිසිදු කරන්න(තත්පර
20ක් පමණ)
2). නොසේදූ දෑත් වලින් ඇස් , නාසය , මුඛය
ඇල්ලීමෙන් වලකින්න.
3). සෙනග ගැවසෙන ස්තාන වලින් තරමක්
ඈත් වී සිටින්න.
4). උණ හෙම්බිරිස්සාව සෑදී ඇති අයගෙන්
තරමක් ඈත් වී සිටින්න.
🙂Informative
ReplyDeleteA timely important topic and the endeavor is much appreciated.
ReplyDelete