තමන්ගෙ ශල්‍යකර්මය තමන්ම කරගත්තු අරුම පුදුම දොස්තර...........
රුසියානු ජාතික විසිහත් හැවිරිදි ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ලියෝනිඩ් රෝගොසොව් (Leonid Rogozov) කියන්නේ ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ හරි අමතු වැඩක් කරපු කෙනෙක්.
1960 - 1961 යන වසරවල මොහු ඇතුලු කණ්ඩායමක් ඇන්ටාට්ටික් කලාපයේ ගවේෂන චාරිකාවක් අතරතුරදී මොහුගේ උණ්ඩකපුච්වයේ ආසාදනයක් (Appendicitis) ඇතිවනවා.නමුත් මෙම කණ්ඩායමේ ශල්‍ය වෛද්‍යවරයෙකු නොමැති නිසා(හිටපු එකම ශල්‍ය වෛවෛද්‍යවරයා තමන් නිසා) තම උණ්ඩකපුච්වය ඉවත් කිරීමේ ශල්‍ය කර්මය(Appendectomy) ඔහු විසින්ම සිදු කරනවා.
චායාරූපයෙන් දැක්වෙන්නේ එම ඓතිහාසික අවස්‍තාවයි.
ලියෝනිඩ් ඉවනෝවිච් රෝගසොව්(Leonid Ivanovich Rogozov) නම් මොහු උපත ලබන්නේ සෝවියට් දේශය චීනයෙන් සහ මොංගෝලියාවෙන් වෙන් කෙරුනු දේශසීමාවට නොදුරින් වු මායිම් ගම්මානයකයි.ඒ 1934 මාර්තු 14 වෙනිදායි.ඉන් වසර නමයකට පසු එනම් 1943 දී ඔහුගේ පියා දෙවන මහා ලෝක සංග්‍රාම භුමියේදී මියගියෙය.
1953 දී සිය මූලික අධ්‍යාපන කටයුතු හමාර කල මොහු එවකට Leningrad Pediatric Medical Institute නම් වූ වර්තමාන ශාන්ත පීටර්ස්බර්ග් වෛද්‍යවිද්‍යාලයට ඇතුලු විය.1959 වෛද්‍යවරයෙකු ලෙස උපාධිය ලබාගත් ඔහු ශල්‍ය වෛද්‍යවරයෙකු වීම සඳහා පුහුණු වීම් අරඹන ලදී.නමුත් 1960 සැප්තැම්බර් මසයේ එම වැඩිදුර අධ්‍යාපන කටයුතු නවතා දැමූ එවකට විසිහය හැවිරිදි වූ මොහු හයවන සෝවියට් අන්ත්ලාන්තික් ගවේෂණ කණ්ඩායම (6th Soviet Atlantic Expedition) සමග එක් වූයේ වෛද්‍යවරයෙකු ලෙසයි.මොහු විසින් අරුම පුදුම සැත්කම සිදුකලෙ මෙම ගවේෂණ චාරිකාව අතර්තුරදීයි.
1962 නැවත රුසියාව බලා පැමිණි පසු රුසියාවේ ගෙනින්ග්‍රෑහි රෝහල් රැසක වෛද්‍යවරයෙකු ලෙස සේවය කල ඔහු 1986 වසරේ සිට සිය මරණය දක්වාම ශාන්ත පීටර්ස්බර්ග් ශ්වසන රෝග පරීක්ෂණ අධ්‍යනායතනයේ සැත්කම අංශයේ ප්‍රධානිය ලෙස සේවය කලේය.
ශ්වසන රෝග පරීක්ෂණ අධ්‍යනායතනයේ සේවය කලද මොහුට මිය යන්නට සිදුවූයේද ශ්වස්න පද්ධතිය ආශ්‍රිත රෝගයක් නිසාමය.ඒ අනුව 2000 වසරේ සැප්තැම්බර් 14 දින ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී මොහු මියගියේ පෙනහලු පිළිකාවක් වැළඳීම නිසය.මියයන විට
ඔහුගේ වයස අවුරුදු 66කි.
-- සංකල්ප ගුණතිලක --
(2020.03.24)
No comments:
Post a Comment