කොරොනා වෛරසයට නම ආපු සූර්ය කොරෝනා ගැන දන්නවද..
ඉලෙට්‍රෝන අන්වීක්ශයෙන් බලන විට සූර්ය කොරෝනාවක හැඩය ගන්නා නිසා කොරෝනා වෛරසයට එම නම ලැබුනු බව අප දන්නා කරුණකි.ඇත්තටම මේ සූර්ය කොරෝනා යනු මොනවාද..???
සූර්ය කොරෝනාව යනු සූර්යා වටා ඇති වායු ස්තරයේ පිටතම කොටසයි.සූර්ය පෘෂ්ඨයේ සිට සැතපුම් මිලියන 5ක් පමණ ඈතට මේවා විහිදෙන අතර සූර්යාගේ චුම්භක ශේස්ත්‍රයේ ප්‍රබලතාව අනුව එහි විශාලත්වය තීරණය වේ.
1724 වසරේදී ප්‍රංශ-ඉතාලියානු තාරාකා විද්‍යඥයෙකු වූ Giacomo F. Maraldi විසින් මුලින්ම මෙම සූර්ය කොරෝනා නිරීක්ෂණය කල අතර 1809 ස්පාඤ්ඤ ජාතික තාරකා විද්යඥය Jose Joaquine de Ferrer විසින් "කොරෝනා" නම් නාමය මෙම ආලෝක කදම්භ වලට ලබාදෙන ලදී.
හිරුගේ මතුපිටට සාපේක්ෂව ඉතා අඩු ඝනත්වයකිනුත් ඉතා ඉහල උශ්ණත්වයකිනුත් සමන්විතය.මේ අඩු ඝනත්ව තත්වය නිසා සූර්ය කොරෝනාවේ දීප්තිය අඩු බැවින් සාමාන්‍ය අවස්තාවලදී මෙය සූර්ය රශ්මිය තුල සැඟවී පවතී.එම නිසා මෙය නොපෙනේ.නමුත් පූර්ණ සූර්යග්‍රහණයක් වන අවස්තාවකදී මෙය දැකගත හැකිය.එසේ දිස්වන්නේ සූර්යා සහ පෘතුවිය අතරට පැමිණෙන චන්ද්‍රයා මගින් හිරුගේ ප්‍රබල දීප්තිමත් රශ්මි කදම්බ වලක්වාලන බැවිනි.එවිට සුදු පැහැති කොරෝනාව දැක ගත හැක.සූර්ය කොරෝනාවේ ඝනත්වය සූර්යා මතුපිටට වඩා මිලියන 10 කින් පමණ අඩු අතර උශ්ණත්වය සිය ගුණයකින් පමණ වැඩිය.එනම් කොරෝනාවේ උශ්ණත්වය කෙල්වින් මිලියන දෙකක් පමණ වේ.මෙසේ උශ්ණත්වය ඉහල යාම පිළිබඳ නිවැරදි අදහසක් විද්‍යාඥයින් සතුව නොමැති නමුත් එක් පිළිගත හැකි මතයක් වන්නේ සූර්යා මතුපිටින් ඉතා ඉහළ ශක්තියක් රැගත් පදාර්ත කොටස් කොරෝනාවේ කෙලවර දක්වා ගමන් කර ඒවා සතු ඉතා ඉහළ ශක්තිය තාපය ලෙස පිටකරමින් පුපුරා යන බවයි.මේවා "Heat Bombs'" නම් වේ.
මෙම සූර්ය කොරෝනා වලින් ප්‍රධාන වශයෙන්ම විශ්වයට විකිරණ මුදාහරින අතර ඒවා ප්‍රධාන වශයෙන්ම "X කිරණ" බවට මේ වන විට සොයාගෙන ඇත.
එමෙන්ම අපගේ සෞරග්‍රහ මණ්ඩලය පුරා ඇදීයන සූර්ය සුළං(Solar Wind) ඇතිවන්නේද මේ සූර්ය කොරෝනා වල බලපෑමෙනි.සූර්ය කොරෝනාවේ කෙලවරෙහි ඇති අයණීකරණය වූ අංශූන් කොරෝනාවේ ඇති ඉහල උශ්ණත්වය නිසා චාලක ශක්තියක් ලබා ගනී.එම චාලක ශක්තිය සූරියාගේ ගුරුවාකර්ශණ බලයෙන් මිදී එම අංශු වලට සූර්ය සුළං ලෙස අපගේ සෞරග්‍රහ මණ්ඩලය පුරා විහිදී යාමට උපකාර වේ.පෘතුවියේ චුම්භක ගෝලයේ හැඩය මෙන්ම වල්ගාතරුවක වල්ග කොටසද සාදන්නේ මේ සූර්ය සුළං මගිනි.ඒවා හැමවිට සූර්යාට විරුද්ධ දෙසය විහිදේ.
- සංකල්ප ගුණතිලක -
( 2020 - 01 - 28 )
No comments:
Post a Comment