Sunday, March 8, 2020

හයිඩ්‍රිජන් බෝම්බයේ කතාව

විනාශකාරීත්වයේ දූතයා...හෙවත් පරමාණු බෝම්බ මෙන් දහස් ගුණයකින් ප්‍රබය හයිඩ්‍රජන් බෝම්බයේ කතාව.........

1945 ඇමරිකාව විසින් පරමාණු බෝම්බ හෙලා ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර විනාශ කර දැමුවේ සැනෙකින් ඒවා අලු ගොඩවල් බවට පත් කරමිනි.එසේ දෙවන ලෝක සංග්‍රාමය නිමා වූයේ ඒ වන විට මිනිසා විසින් නිපඳවා තිබූ භයානකම අවියේ ප්‍රචණ්ඩත්වය ලොවට පෙන්වමිනි.
දෙවන ලෝක යුද්ධ අවසානයෙන් පසු සෝවියට් දේශය සහ ඇමරිකාව අතර බල අරගලයේ සීතල යුද්ධය ආරම්භ විය.මෙහි ප්‍රතිපලයක් ලෙස 1949 සැප්තැම්බර් 23 දින සෝවියට් දේශයත් සාර්තක පරමාණු බෝම්බ අත්හදා බැලීමක් කසකස්තානයේදී සිදු කරන ලදී.රුසියානුවන්ගේ එම අත්හදා බැලීම පිළිබඳ දැන ගත් ඇමරිකානුවන් තම රට සතුව තිබූ න්‍යශ්ටික අවි පරමාධිපත්‍යය බිඳ වැටුනු බව දැනගෙන පරමාණු බෝම්බයට වඩා විනාශකාරී සුපිරි අවියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවෙන් පෙලිනි.කෙසේවෙතත් මේ පිළිබඳ මතබේද පැනනැගෙමින් පැවති අවධියක ඇමරිකානු න්‍යශ්ටික ව්‍යාපෘතියේ විද්‍යාඥයෙකු ලෙස සිටි රුසියානු ඔත්තුකරුවෙකු හමුවීමත් සමගම එම විනාශකාරී අවිය නිපඳවීමේ අවශ්‍යතාව ඇමරිකානුවන්ට තවතවත් තදින් දැනෙන්නට විය.ඒ අනුව එවකට ජනාධිපති "හැරී ටෲමන්"ගේ ආශිර්වාදය යටතේ ඉහත අවිය නිර්මාණය කිරීමේ කටයුතු ඇරඹිනි.නමුත් පරමාණු බෝම්බය මෙන් සිය දහස් ගුණයකින් ප්‍රබල හරිඩ්‍රජන් බෝම්බයක් නිර්මාණය කිරීම මූලික අදහස ජනාධිපති ටෲමන්ගේ නියෝගයට පෙර සිටම රෝපණය වෙමිනි තිබිනි.

දෙවන පරම්පරාවේ විනාශකාරී න්‍යශ්ටික අවියක් වන හයිඩ්‍රජන් බෝම්බ පළමු පරම්පරාවේ අවියක් වන පරමාණු බෝම්බ වලට වඩා අතිශය බිහිසුනුය.
හයිඩ්‍රජන් බෝම්බ යනු හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ මෙන්ම න්‍යශ්ටික ප්‍රතික්‍රියාවක ප්‍රතිපලයක් ලෙස ඉතා විශාල ශක්තියක් නිපඳවන බෝම්බයක් වන අතර එය හිරෝශිමා නාගසාකි පරමාණු බෝම්බ මෙන් 1000 ගුණයකින් පමණ ප්‍රබලය.සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් බෝම්බයක් පිපිරවීමට පරමාණු බෝම්බයක් පිපිරවිය යුතු බව පැවසේ.ඒ හයිඩ්‍රජන් බෝම්බයේදී සිදුවන සංඝට්ටන ප්‍රතික්‍රියාව සඳහා ඉතා ඉහල ශක්තියක් අවශ්‍ය බැවිනි.එම ශක්තිය පරමාණු බෝම්බයක් පිපිරවීමේදී සිදුවන විඝටන ප්‍රතික්‍රියාවෙන් සැපයේ.
හයිඩ්‍රජන් බෝම්බයක් තුල සිදුවන්නේ හයිඩ්‍රජන් (H) හි සමස්තානික වන ඩියුටීරියම් හා ට්‍රිටියම් න්‍යශ්ටි එකිනෙක් ගට්ටනය කර හීලියම්(He) සෑදීමයි.අපගේ සූර්ය ඇතුලු අනෙක් තාරකාද ශක්තිය සපයා ගන්නේ මෙම ප්‍රතික්‍රියාව ආදාරයෙනි.හයිඩ්‍රජන් බෝම්බයක ප්‍රබලතාව එයින්ම තීරණය කල හැක.

හයිඩ්‍රජන් බෝම්බයක් පිපිරවීමත් සමග ඇතිවන විද්‍යුත් චුම්භක විකිරණ දාරාව නිසා විශාල ගිනි ජාලාවක්(Fireball) අහසට පැන නගින අතර පිපිරීමත් සමග ක්ශනිකව නිකුත් වන supersonic පීඩන කම්පන තරංගයට හසුවන පණ ඇති නැති ඕනෑම දෙයක් ක්ශනිකව දූවිලු බවට පත් කරයි.එමෙන්ම මෙහිදී නිකුත් වන අධික තාපය නිසා මිනිසෙකු වුනත් පහසුවෙන් දිය වී යා හැක.මෙහිදී කෙල්වින් මිලියනයක පමණ උශ්ණත්වයක් ජනිත වෙයි.
පරමාණු බෝම්බයක් හා සසඳන විට හිරෝෂිමා නාගසාකි පරමාණු බෝබ්ම මගින් නිකුත් වූ TNT ටොන් 1000ක් එකවර පුපුරා යාමේදී නිකුත් වන ශක්තිය වෙනුවට හයිඩ්‍රජන් බෝම්බයකදී TNT ටොන් 1,000,000(මිලියනයක්) එකවර පුපුරා යාමේදී නිකුත් වන ශක්තියට සමාන ශක්තියක් නිකුත් වේ.
වර්තමානයේදී ඇමරිකාව , රුසියාව , මහා බ්‍රිතාන්‍ය , චීනය , ප්‍රංශය සතුව මෙම තාක්ෂණය ඇති අතර මෑතකදී උතුරු කොරියාවද සාර්තක හයිඩ්‍රජන් බෝම්බ අත්හදා බැලීමක් සිදු කර ඇත.

      ජපානයට හෙලූ පරමාණු බෝම්බ නිපඳවන ලද්දේ ඇමරිකාවේ මෑන් හැටන් ව්‍යාපෘතිය යටතේය.මෙහිදී පරමාණු බෝම්බ නිපඳවන අතරවාරේයේම වඩා ප්‍රබල හයිඩ්‍රජන් බෝම්බය නිපඳවීම පිළිබඳ න්‍යායාත්මක  මූලික සැකැසුම් ආරම්භ කරන ලදී.ඒ ජපානයට පරමාණු බෝම්බ හෙලීමටත් පෙර අවධියකයි.
20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී අපගේ සූර්යා ඇතුලු අනෙකුත් තාරකා වලින් අධික ශක්තියක් නිපඳවන්නේ එවායේ මධ්‍යයේ සිදුවන තාපන්‍යශ්ටික ප්‍රතික්‍රියා දාමයක් මගින් බව සොයාගෙන තිබුනු අතර මිහිපිට එවැනි තාපන්‍යශ්ටික ප්‍රතික්‍රියාවක් සිදුකිරීම පිළිබඳ විද්‍යාඥයන්ට අදහසක් නොමැතිවූයේ එවැනි ප්‍රතික්‍රියාවක් ආරම්භ කිරීමට අවශ්‍යය ඉහල උශ්ණත්වයක් සහ පීඩනයක් මිනිසාට නිර්මාණය කල නොහැකි නිසාය.නමුත් මෑන්හැටන් ව්‍යාපෘතියෙන් පරමාණු බෝම්බය නිපඳවූ පසු එය තවදුරටත් න්‍යායාත්මක කරුණක් නොවී ප්‍රායෝගික කරුණක් බවට පත්විය.ඒ පරමාණු බෝම්බයක් තුල සිදුවන විඝටන ප්‍රතික්‍රියාවකින් (ස්කන්ධයෙන් ඉහල  පරමාණු න්‍යශ්ටි විඝටනය වී ස්කන්ධය අඩු න්‍යශ්ටි සහිත පරමාණු සෑදීම) නිකුත් වන තාපයෙන් සූර්යා ඇතුලු අනෙකුත් තාරකා මධ්‍යයෙ සිදුවන තාපන්‍යශ්ටික ප්‍රතික්‍රියාවක් ආරම්භ කල හැකිබව "එන්රිකෝ ෆර්මි" නම් විද්‍යාඥයා විසින් මෑන්හැටන් ව්‍යාපෘතියේ සේවය කල ආචාර්ය එඩ්වඩ් ටෙලර්(Edward Teller) හට ප්‍රකාශ කිරීමෙන් පසුවයි.
ඒ අනුව "එඩ්වඩ් ටෙලර්" සහ ඔහුගේ සහයක වූ පෝලන්ත ගණිතඥය "ස්ටැන්ස්ලෝ උලාම්"(Stanislow Ulam) සමග එක්ව හයිඩ්‍රජන් බෝම්බය ලෝකයට බිහිකරන ලදී.
මෙම ආකෘතිය "Teller-Ulam Configuration" (ටෙලර්-උලාම් වින්‍යාසය) ලෙස හඳුන්වන අතර වර්තමානයේ පවා  න්‍යශ්ටික අවි භාවිතා කරන්නේ මෙම ආකෘතියයි.

ඒ අනුව 1952 නොවැම්බර් 01 දින ලොව ප්‍රතම හයිඩ්‍රජන් බෝම්බ අත්හදා බැලීම සිදුකල අතර "මයික්"(Mike) නම් වූ එම බෝම්බයෙන් නිකුත් වූ ශක්තිය TNT මිලියන 10ක් පමන එකවර පුපුරායාමේදී නිකුත් වන ශක්තියට සමාන වූ බව පවසයි.එමෙන්ම පිපිරුමෙන් හට ගන්නා බිම්මලක හැඩය ගන්නා වළාව(Mushroom Cloud) තත්පර 90ක් ඇතුලත අඩි 57,000ක් තරම් උසකට ව්‍යාප්ත වී අඩි 120,000ක් තරම් උපරිම උසක් ලඟාකරගත් බවත් පැවසෙයි.එමෙන්ම එය සැතපුම් 60ක වපසරියක් පුරා ව්‍යාප්ත වුනු බවත් පැවසෙයි.
1954 යන වසරේදී තවත්  සාර්තක අත්හදා බැලීමකින් පසු ප්‍රතම වරට ගුවන් මගින් සිදුකරන හයිඩ්‍රජන් බෝම්බ ප්‍රහාරයක් අත්හදා බැලීමක් 1956 වස‍රේදී සුදු කර ඇත.
එම හයිඩ්‍රජන් බෝම්බය 1956 මැයි 20දින එරට වෙලාවෙන් අළුයම 5.51ට දකුණු පැසිෆික් සාගරයේ Marshal Islands හි Bikini Atoll නම් ප්‍රදේශයට ඉහල අඩි 10,000ක් ඉහල අහසේ සිට B52 වර්ගයේ ජෙට් යානකින් නිකුත් කරන ලදී.එහිදී නිකුත් වූ ශක්තිය TNT ටොන් මිලියන 15ක් එකවර පුපුරායාමේදී නිකුත්වන ශක්තියට සමාන බවට ගණන් බලා ඇති අතර පිපිරීමෙන් ඇතිවූ ගිනිජාලාවෙන් හටගත් දීප්තිය සූර්යන් 500ක දීප්තියට සමාන බව කියැවේ.

මෙම ප්‍රබලා විනාකාරී අවිය නිපඳවීමත් සමග ඇමරිකානුවන් ලැබූ ජයග්‍රහනය නැවත වරක් තමන් සතු කරගැනීමට සෝවියට් දේශය සමත් වූයේ ඇමරිකානු න්‍යශ්ටික ව්‍යාපෘතියේ සේවයේ යෙදී සිටියදී හසුවූ සෝවියට් ඔත්තුකරු වූ Klaus Fuchs විසින් එවන ලද ආචාර්ය ටෙලර්ගේ පරීක්ෂණ වාර්තා මත  පදනම්ව රුසියාව විසින්ද හයිඩ්‍රජන් බෝම්බ සෑදීමෙන් පසුවයි.
ඒ අනුව 1961 වසරේදී රුසියානුවන් විසින් අත්හදා බැලූ "Tsar Bomba" නම් හයිඩ්‍රජන් බෝම්බය එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයේ පිපිරවූ ප්‍රබලතම හයිඩ්‍රජන් බෝම්බය වන අතර එය TNT ටොන් මිලියන 50ක් එකවර පුපුරා යාමකට සමානය.

--- සංකල්ප ගුණතිලක ✍️
     

3 comments: