Monday, May 11, 2020

අක්ෂි බද්ධය (වෛද්‍ය විද්‍යාවේ ආශ්චර්ය)

මේ මොකක්ද..?
ඇහැක් නේද.ඒත් වෙනස්නේ...
මොකක්ද වෙනස.?
මොනවද මේ ඉරි ඉරි වගේ රේඛා රටාවක් තියෙන්නේ..ලස්සනයි !!
රේඛා රටාවක් නේද..ඉන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ...

    මේ තියෙන්නේ අක්ෂි බද්ධයක් කරාට පස්සේ ඇහැක් පේන විදිය.
අක්ෂි බද්ධයක් කියලා කිව්වට ඇත්තටම සම්පූර්ණ අක්ෂි බෝලයක් බද්ධ කරන්න බැහැ.ඒකට හේතුව තමයි දෘෂ්ටික ස්නායු වලය හානිවීම.
ස්නායු තන්තු මිලියන ගණනකින් සැදුම්ලත් ස්නායු බණ්ඩලයක් තමයි මේ දෘෂ්ටික ස්නායු(Optic nerves) කියල කියන්නේ.එක ඇසකට එක බැගින් දෘෂ්ටික ස්නායු ද්විත්වයක් පිහිටනවා.ඒවා අඟල් 1-2ක් අතර දිගකින් සහ අඟලකින් 1/5ක තරම් පළලකින් යුක්තයි.ඇසේ කණිනිකාව සහ කාචය ඔස්සේ ඇසතුලට ගමන් කරන ආලෝක කිරණ ඇසේ ආලෝක සංවේදක සෛල පිහිටි ස්තරය වන "දෘෂ්ටි විතානය" මත පතිත වුනාම එයින් ජනනය කරන ස්නායු ආවේග මොළයට අරන් යන්නේ මේ දෘෂ්ටික ස්නායු මාර්ගයෙන්.මොළයෙන් තමා ඒ ආවේගයන්ට අනුව අපි දකින්නේ මොකක්ද කියන දේ ප්‍රතිනිර්මාණය කරන්නේ.ඉතින් මේ දෘෂ්ටික ස්නායුවට හානියක් වුනොත්(කැපුනොත්) ඒක නැවත පිළිසකර කරන්න බැහැ.එතකොට ඇසෙන් මොළයට ආවේග අරන් යන මාර්ගය බිඳවැටෙන නිසා අදාල ඇසෙන් අපිට දකින්න බැහැ.
මේ විදියට සම්පුර්ණ ඇහැක්ම බද්ධ කරන්න ගියොත් දෘෂ්ටික ස්නායුවට හානිවෙනවා.ඒ නිසා සම්පුර්ණ ඇහැක්ම බද්ධ කරන්නේ නැහැ.ඒ වෙනුවට කරන්නේ අපගේ ඇහේ "කණිනිකාව"(Cornea) නම් කොටස පමණක් බද්ධ කරන එක.ඒකෙන් කරන්නේ ඇහට වැටෙන ආලෝක කිරණ සම්පිණ්ඩනය කරලා දෘෂ්ටි විතානය මතට නාභිගත කරන්න උපකාර කරන එක.හරියට ඇසේ කාචයෙන් කරනවා වගේම.ඒ කියන්නේ "කණිනිකාව" බද්ධ කිරීමේ අරමුණ වෙන්නේ ඇසෙ නාභිගත කිරීමේ හැකියාව(Focusing)වැඩි කිරීම.හරියට කැමරාවක වගේ.
මේ තියෙන්නේ ඒ විදියට අක්ෂි බද්ධයක් කියලා අපි පොදු ව්‍යවහාරයේ හඳුන්වන, කණිනිකා බද්ධයකින් පස්සේ ඇහැක් පේන විදිය.මේ රටාවකට විහිදුනු රේඛාවන් වගේ පේන්නේ කණිනිකාව ඇසට බද්ධකරන්න භාවිතා කරපු මැහුම්.සාමාන්‍යයෙන් අක්ෂි බද්ධයක් සම්පූර්ණයෙන් සුව වෙන්න අවුරුද්දක් වගේ ගතවෙන්න පුළුවන්.මේ මැහුම්ද වෛද්‍යවරාගේ නිරීක්ෂණ වලට පස්සේ සැත්කමින් යම කාලයක් ගෙවිල ගියාම ඉවත් කරනවා.
මේ චායාරූපයේ තියෙන්නේ ඒ විදියට මැහුම් ඉවත් කරන්න කලින් මැහුම් රටාවන් පේන විදිය.
බලන්න වෛද්‍ය විද්‍යාව කෙතරම් පුදුම සහගතද ???


|Letterconik blog
|11-05-2020



No comments:

Post a Comment