Monday, March 23, 2020

ආදරයේ අසම්මතය.

ආදරයට වයස ප්‍රශ්ණයක්ද ?

1993 අවුරුද්දේ ප්‍රංශයේ La Providence උසස් පාසලේදී හරි අපූරු හමුවීමක් සිද්ද වෙනවා.ඒ එවකට තෙදරු මවක් වූ එම පාසලේම නාට්‍ය ගුරුවරිය සහ ඇයගේ දියණියගේ පන්තියේ හිටිය අවුරුදු 15ක පිරිමි ළමයෙක් අතරයි.තමන්ට වඩා අවුරුදු 25කින් වැඩිමල් වුනත් මේ ගුරුවරිය ගාව පුංචි කොල්ලගේ හිත නවතිනවා.ඉතින් ටිකක් කල් ගෙවිලා යද්දී ගුරුගෝල සම්බන්දය ප්‍රේමයක් දක්වා දුරදිග යන කතාවක් බවට පත්වෙනවා...

කොලුවගේ දෙමාපියන් දෙන්නව වෙන් කරන්න නොකළ දෙයක් නෑ...බැරිම තැන අන්තිමේදී කොලුවව පාසලෙස් අස්කරලා වෙන පාසලකට ඇතුලත් කරනවා.
වයස බාධාවක් නොවුන ප්‍රේමයකට දුර බාධාවක් වෙයිද?..දෙන්නව දුරස් කරල තිබ්බත් ප්‍රේමය තාම එහෙමමයි.ඉතින් දවසක් මේ කොලු ගැටයා තමන්ගේ මේ අපූරු ප්‍රේම වන්තියට විවාහ යෝජනාවක් කරනවා..ඒත් එතකොට කොල්ලගේ වයස යන්තම් අවුරුදු 17ක් විතරයි.ඉතින් කොහොම බඳින්නද...
ඒදා මේ දෙන්නට විවාහ වෙන්න බැරිවුනත් ඊට අවුරුදු ගානකට පස්සේ මේ දෙන්නා විවාහ වෙනවා.ඒ 2007 දී.එදා ඉඳන් අද දක්වාම මේ දෙන්නා නෝනයි මහත්තයයි.❤
     තමන්ට වඩා අවුරුදු 25කින් වැඩිමල් කාන්තාවක් සමග ප්‍රේමයෙන් බැඳුන මේ පිරිමි දරුවා පස්සෙ කාලෙක ලෝකෙ බලවත්ම රාජ්‍යයන් පහෙන් එකක නායකයා වෙනවා..ඒ වෙන කවුරුත් නෙමේ..වර්තමාන ප්‍රංශ ජනාධිපති "එම්මෑනුවෙල් මැක්‍රෝන්"...ඉහත චායාරූපයේ ඉන්නේ එතුමා සහ එතුමාට වඩා විසිපස් වසරකින් වැඩිමල් එතුමාගේ බිරිඳ වන "බ්‍රිජට් මැක්‍රෝන්" ආර්යාව.වර්තමානයේ එම්මෑනුවෙල් මැක්‍රෝන්ගේ වයස අවුරුදු 42ක් වෙනකොට බ්‍රිජට් මැක්‍රෝන් ආර්යාවට අවුරුදු 66ක්.

   -සංකල්ප ගුණතිලක-
    (24/03/2020)

10 comments: