එකම රටක එකවර රටේ උඩම පුටුදෙකේ ඉඳගත් අයිය මලෝ..👑️👑️
(දේශපාලන නොව ඉතිහාස කතිකාවතකි)
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජනාධිපති හා අගමැති එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් බව අපි හැමෝම දන්න කරුණකි.මෙසේ එකම පවුලේ සහෝරයින් දෙදෙනෙක් රටක ජනාධිපති හා අගමැති වීම මෑතකාලීන ලෝක දේශපාලනයේ දුර්ලභ අවස්තාවකි.නමුත් මෙය එසේ පත්වූ ප්‍රතම අවස්තාව නොවෙයි.මින් පෙර එකම එක අවස්තාවක් පමණක් සහෝදරයන් දෙදෙනෙක් මෙලෙස ජනපති-අගමැති සුංසයෝගය වූ අවස්තාවක් ලෝක දේශපාලන වේදිකාවේ හමුවේ. ඒ Lech Aleksander Kaczyński හා Jarosław Aleksander Kaczyński යන නිවුන් සහොදරයන් දෙදෙනායි.ඒ රට නම් පෝලන්තයයි.
Lech Aleksander Kaczyński( ලෙශ් ඇලෙක්සැන්ඩර් කට්රින්ස්කි) සහ Jarosław Aleksander Kaczyński(යරොල්ස්වහ් ඇලෙක්සැන්ඩර් කට්රින්ස්කි) 1949 ජූනි 18 වර්සෝ නුවර උපත්ති ලැබූ නිවුන් සොහොයුරන් වේ. මොවුන් දෙදෙනා කුඩාකල "The two who stole the moon" නමින් 1962 නිශ්පාදිත සිනමා පටයකටද සිය රංඟන දායකත්වය ලබාදී ඇත. වර්සෝ විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ මෙම නිවුන් සොහොයුරන් දෙදෙනාම "නීතිය හා පරිපාලනය" පිළිබඳ උපාධි ලබාගෙන ඇති අතර පසු කාලීනව ආචාර්ය උපාධිද හිමි කරගෙන ඇත.
Lech Kaczyński(ලෙශ් කට්රින්ස්කි) විසින් 2000 සිට 2001 දක්වා එරට අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කල අතර 2002 නොවැම්බර් 18 සිට 2005 දෙසැම්බර් 22 දක්වා වර්සෝ නුවර නගරාධිපති ලෙස සේවය කරන ලදී.
ඉන්පසුව 2005 පැවති ජනාධිපතිවරණයෙන් ජයගෙන 2005 දෙසැම්බර් 23 බලයට පත්වූයේ පෝලන්තයේ සිව්වන ජනාධිපතිවරයා ලෙසයි.2010 අප්‍රේල් 10 දින අවාසනාවන්ත ගුවන් අනතුරකින් මියයන තෙක්ම ඔහු එරට ජනාධිපති ලෙස සේවය කරන ලදී.
ලෙශ් කට්රින්ස්කිගේ සොහොයුරා වූ Jarosław Kaczyński (යරොල්ස්ව කට්රින්ස්කි) වර්තමානයේ පෝලන්තයේ "Law & Justice" පක්ෂයේ නායකයා මෙන්ම 1991 - 1993 හා 1997 සිට මේ දක්වා පෝලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ද වේ. 2005 සැප්තැම්බර් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු "Law and Justice" පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අතර එයින් ජයගත්තද ඔහු විසින් අගමැති තනතුර බාර ගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.ඒ එම වසරේම ඔක්තොම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සිට සිය සහෝදරයාට ඉන් ගැටලුවක් වේයැයි සිතමිනි. එම නිසා එම පක්ශයේම අයෙකු වූ Kazimierz Marcinkiewicz අගමැති ලෙස පත්වන ලදී.
කෙසේනමුත් පසුව Kazimierz Marcinkiewicz හා කට්රින්ස්කි අතර ඇතිවූ භේදබින්න භාවය හේතුකොට ගෙන 2006 ජූලි 7 දින Kazimierz Marcinkiewicz සිය අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය. එයින් පුරප්පාඩු වූ අගමැති ධූරයට එවකට ජනාධිපති වූ ලෙශ් කට්රින්ස්කි විසින් සිය නිවුන් සහෝදරයා වූ යරොල්ස්ව කට්රින්ස්කි ව ජූලි 10 පත්කල අතර ජූලි 14 අගමැති ධූරයේ දිවුරුම් දීමේ සිට 2007 නොවැම්බර් 16 මහමැතිවරණ පරාජය දක්වා ඔහු එරට අගමැති ලෙස ක්‍රියාකරන ලදී. මෙසේ එකම පවුලක අයිය මලෝ දෙදෙනෙක් එකම රටක ජනාධිපති හා අගමැති ලෙස ක්‍රියාකල ප්‍රථම අවස්තාව මෙය වන අතර නිවුන් සොහොයුරන් විසින් එවැන්නක් කල ප්‍රතම හා එකම අවස්තාවද වෙයි.
2010 ගුවන් අනතුරකින් ජනාධිපති ලෙශ් කට්රින්ස්කි මියගිය යාමෙන් පසු , 2010 ජූලි 20 දින පැවැත්වූ ජනාධිපති වරණයට වැඩබලන ජනාධිපති වූ Bronisław Komorowskiට එරෙහිව එවකට විපක්ෂ නායක වූ යරොල්ස්ව කට්රින්ස්කි තරඟ කලද පළමු වටයේ චන්ද ගණන් කිරීමෙන් ප්‍රතිවාදී අපේක්ෂකයා ලබාගත් 41.54%ට පිළිතුරු ලෙස 36.46%ක් හා දෙවන වටයේ චන්ද ගණන් කිරීමෙන් 53.01%ට 46.99%ක් ලෙස ලබා පරාජය විය.
සංකල්ප ගුණතිලක
Maru
ReplyDeleteThanks malli😊
Delete❤❤❤
ReplyDeleteThanks aiya❣️
DeleteThank you❣️
ReplyDelete🔥🔥🔥
ReplyDeleteThank you😊
Delete