Sunday, March 29, 2020

කොරෝනා සටනට ජපානෙන් එන අවිගන්

කොරෝනා සටනට ජපානෙන් එන අවිගන්................☣️☣️☣️☣️

        ජපානයේ "ටොයාමා කෙමිකල්" සමාගම විසින් නිපඳවා ඇති "අවිගන්"(Avigan-වෙළඳ නාමය) ඖෂධය වෛරස් උණ රෝගයන් සඳහා ලබාදෙන ඖෂධයක්.2014 උන්ෆ්ලුවෙන්සා සඳහා නිර්මාණය කල මෙහි ඖෂධ නාමය වන්නේ Favipiravir යන්නයි.

මෙම "අවිගන්" කොරෝනා සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගැනීම සාර්තක බව චීන සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරතිබෙනවා.ඒ පෙබරවාරි මාසසේ, චීනයේ වූහාන් සහ ශෙන්සෙන් ප්‍රදේශයන්හි රෝගීන් 340කට අවිගන් ලබාදී සිදුකල සායනික අධ්‍යනයේදී එම කොරෝනා රෝගීන් දින 4ක් වැනි කාලයක් ඇතුලත සුව අතට හැරුණු බව චීන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශ නිළධාරි "සැන්ග් ශින්මින්"(Zhang Xinmin) මහතා මාර්තු 17 දින ප්‍රකාශ කර ඇත.එමෙන්ම අවිගන් ලබාදුන් රෝගීන්ගේ පෙනහළුවල ස්කෑන් පිටපත්වලට අනුව ඔවුන් අතරින් 91% ක් පමණ පිරිසක යම් සාධනීය මට්ටමක් පෙන්නුම් කරන බවත් එම තත්වය අවිගන් ලබා නොදුන් රෝගීන්ගෙන් 62%කට පමණක් අත්වී ඇති බවත් චීන බලධාරී පවසයි.
                      විශේෂයෙන් කොරෝනා වෛරසය නිසා ඇතිවන නිව්මෝනියාව තත්වයට මෙයින් ප්‍රතිකාර සැලසෙන බවත් එහිදී කිසියම් හෝ අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බවත් චීන බළධාරීන් අවධාරණය කරයි.

RNA අණු දරන වෛරස සඳහා විශේෂිත මෙම ප්‍රති-වෛරස ඖෂධය වෛරසය ගුණනය වීමේදී දායක වන RNA polymerase එන්සයිම අක්‍රීය කර වෛරසයේ වර්ධනය නවතා දමයි.නමුත් ක්ෂීරපායී සෛලවල DNA හෝ RNA ප්‍රතිවලිත වීමට එයින් හානියක් නැත.

මෙම ඖෂධය ඉදිරි පැය 48 ඇතුලත ශ්‍රී ලංකාවට ගෙන ඒමට මේවන විට තීරණය කර ඇත.

*උපුටාගැනීම: Healthy Life kit facebook පිටුව
29-03-2020

1 comment: