පුංචි දෙයකින් පුළුවන්ද ලෝකයේ ගමන්මග උඩුයටිකුරු කරන්න...??🙄😶
මේක ලෝක ඉතිහාසය වෙනස් කරපු සිද්ධියක්..හරියටම කිව්වොත් ලෝකයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කරපු නොසැලකිය හැකි තරම් පුංචිම පුංචි සිද්දියක්..සැඟවිලා තිබ්බ මේ කතාව කියන්නේ Max Tremwell කියන පූජක තුමා විසින් එතුමා මරණාසන්නව ඉන්න වෙලාවෙදී.ඒ 1980 දී.
කතාව මෙහෙමයි....
ස්විට්සර්ලන්තය,ඔස්ට්‍රියාව සහ ජර්මනිය හරහා ගලා යන "Inn" කියල ගඟක් තියෙනවා..ඔය ගඟ ජර්මනියේ Passau (පැසාවු) කියන නගරය හරහාත් ගලායනවා.Passau කියන්නේ ජර්මන් - ඔස්ට්‍රියා දේශසීමාව ලඟ තියෙන පොඩි නගරයක්...
1894 සීතල දවසක passau නගරයේ මේ ගංඟා ඉවුරේ සෙල්ලම් කර කර හිටපු අවුරුදු 4ක් වයස එක්‍තරා පිරිමි දරුවෙක් මේ ගඟට වැටෙනවා..Inn ගඟේ සීතල වතුරේ ගිලෙද්දී නොගිලී ඉන්න දඟලන මේ දරුවගේ වාසනාවට නමුත් බොහෝවිට ලෝකයේ අවසානාවට එතනින් යනවා අර කලින් කිව්ව Max Tremwell කියන පූජක තුමයි ඔහුගේ මිත්‍රයා වුන Johann Kuehberger කියල කෙනයි...මේ දෙන්නත් ඒ කාලේ පොඩි ළමයි..පස්සෙ කාලෙක දෙන්නම පූජකයෝ දෙන්නෙක් වෙනවා..ඉතින් මේ ගිලෙන්න යන දරුවව දැකපු Johann Kuehberger කියන කෙනා ඉක්මනින් ගඟට පැනලා ගඟේ සීතල සැඩ පහර එක්ක සටන් කරලා අර ගිලෙන්න ගිය පිරිමි දරුවව බේර ගන්නවා..
ඒ කතාව එච්චරයි..
හරිම පොඩි සිද්දියක්..කොහොමද එහෙනම් මේක ලෝක ඉතිහාසය වෙනස් පාරකට හැරෙව්වේ..
ඒක වෙන්නේ මෙහෙමයි....
අර ගඟට වැටිලා ගිලෙන්න ගිය අවුරුදු හතරේ පිරිමි දරුව ඉන්නවා නේද ,අන්න එයා නිසා පසුකාලීනව ජීවිත මිලියන 11ක් විනාශ වුනා කිව්වොත් පිළිගන්න පුළුවන්ද..පුළුවන් වුනත් බැරිවුනත් ඒක පිළිගන්න වෙනවා..මොකද එදා ඒ ගිලෙන්න ගිහින් තමන්ගේ වාසනාවට එහෙත් ලෝකයාගේ අවාසනාවට බේරුන ළමය තමයි පස්සෙ කාලෙක ජර්මානු ආඥාදායක මෙන්ම දෙවන ලෝක සග්‍රාමයේ ආරභකයා වෙලා යුදෙව්වන් මිලියන ගානක ඝාතකය වෙන්නේ.. ඒ කියන්නේ ඒ පොඩි දරුව වෙන කවුරුත් නෙමෙයි එයා තමයි "ඇඩොල්ෆ් හිට්ලර්"...
සමහර විට එදා Johann Kuehberger එතන නොහිටියානම් අර දරුවා දියේ ගිලිල මිය ගියානම් ලෝක ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදය කිසිදා උදා නොවන්නටත් තිබුනා..දෙවන ලෝක යුද්දය ආරම්භ නොවන්න තිබ්බා..මිලියන 11ක යුදෙව් ජීවිත විනාශ නොවෙන්න තිබ්බා..
පහල රූපයේ දකුණු පැත්තෙන් ඉන්නේ ඒ ගිලෙන්න ගිය දරුවා..වමේ ඉන්නේ එයාව බේරගත්ත කෙනා.
--සංකල්ප ගුණතිලක✍️
පුදුමයි🤩
ReplyDelete😲😱
ReplyDelete