අපරාධ විද්‍යාව සඳහා DNA තාක්ෂණය යොදාගත් ආන්දෝලනාත්මක ලොව මුල්ම සිදුවීම...........🌐🕵️
(මානව වංශකතාවේ තවත් එක හැරවුම් ලක්ෂයක් ගැන කතාවක්)
ලෝක ඉතිහාසයේ පෙරළියක් ඇතිකරමින් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී සිදුවූ ට්‍රාන්සිස්ටරය සොයාගැනීමට සමාන සිදුවීමක් ජීව විද්‍යාවේදී සිදුවූවානම් ඒ DNA අනුවේ ව්‍යුහය සොයා ගැනීමයි. 1953 ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රීක් විසින් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කැවෙන්ඩිශ් විද්‍යාගාරයේදී මුල්වරට DNA අණුවේ ද්විත්ව හෙලික්සීය ව්‍යූහය නිරීක්ෂණය කළ අතර ඒ සඳහා ඔවුන් හට නොබෙල් ත්‍යාගය 1962 දී හිමිවුනා.ඒත් මෙ කතාව ඒ ගැන නෙමේ..
අපි හැමෝම දන්න දෙයක් තමා වර්තමානයේ අපරාධ විසඳීමේ කටයුතු සඳහා DNA යොදාගන්නා බව..ඉතින් වර්තමාන වන විට අපරාධ විසඳීම සඳහා මෙන්න මේ කියන DNA fingerprint technology හෙවත් DNA ඇඟිලිසලකුණු තාක්ෂණය යොදාගෙන අවුරුදු 30 ක් වෙනවා.මුලින්ම මේ ක්‍රමය භාවිතා කරන්නේ එංගලන්තයේ.මේ කතාව අන්න ඒ ගැනයි.
1983 වසර එංගලන්තයේ ලයිසස්ශයර් නගරය අවට ප්‍රදේශ තරමක් භීතියෙන් ඇළලී ගිය වසරක්.ඒ ඒ අවට ගමක සිදුවූ ඝාතනයක් නිසා.ඝාතනයට ලක්වුනේ ලින්ඩා මාන් නම් අවුරුදු 15ක් වසය දැරියක්.ඇය පාසල අවසන්වී නිවසට පැමිණෙන අතරමගදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබුනා.නමුත් අවසනාවට පොලීසියට වරදකරු සොයාගත නොහැකි වුනත් අපරාද ස්ථානයේ තිබී ශුක්‍රාණු සාම්පලයක් ලබාගැනීමට පොලීසිය සමත්වුනා.
එම සිදුවීමෙන් වසර දෙක හමාරකට පසුව එම ගමේදීම ඩොව්න් ඈශ්වෝර්ත් නම් වයස අවුරුදු 15ක දැරියක් හවස 4:30ට පමණ සිය මිතුරියකගේ නිවසින් බැහැරව සිය නිවෙස බලා යාමට පිටත් වුනත් ඇය නැවත නිවෙසට පැමිණෙන්නේ නැහැ.අතුරුදන් වූ දැරිය සොයා සිදුකල විමර්ශන වලදී දූෂණයට ලක්ව මියගොස් සිටි ඇයගේ සිරුර ඉන් පෙර මෙයාකාරයට ඝාතනය වූ ලින්ඩා මාන්ගේ සිරුර තිබූ තැනට මීටර් කීපයක් එපිට තැනකදී හමුවන්නේ අදාල සිදුවීම් දෙකම දාම ඝාතකයෙකුගේ ක්‍රියාවක් බවට අඟවමින්.මෙම ඝාතන දෙකේම සමානකම් තිබූ අතර මෙහිදීද ශුක්‍රාණු සාම්පලයක් සොයාගැනීමට පොලිසීයට හැකියාව ලැබුනා.
විමර්ශන කටයුතු වලදී සැකපිට සැකකරුවන් කීපදෙනෙක්ම් අත්අඩංගුවට ගත්තද අපරාධකරු තවමත් අවිනිශ්චිතව පැවතුනා.කෙසේවෙතත් ඔවුන් අතරින් වැඩි අවධානයක් යොමු වූයේ ඝාතනයට ලක්වූ ඩෝව්න් ඈශ්වෝර්ත්ගේ මිතුරෙකු වූ 17 හැවිරිදි රිචඩ් බක්ලන්ඩ් නම් තරුණයාටයි.දැඩි ප්‍රශ්ණ කිරීම් වලදී මොහු තමන් විසින් අදාල දෙවන මිනීමැරුම සිදු කල බවත් පළමු සිදුවීමට තමා නිර්දෝශී බවත් ප්‍රකාශ කර සිටියා.නමුත් සිදුවීම් දෙකේ තිබූ සමාන කම නිසා මෙම සිදුවීම් දෙකම එකම අයෙකු විසින් සිදු කරන්නට ඇති බව පොලිසිය විශ්වාස කල අතර රිචඩ් බක්ලන්ඩ්ගේ පාපොච්චාරණයට අනුව ඔහු පළමු මිනීමැරුමට වරදකරු ලෙස සැලකුවොත් ඒ වන විට ඔහු වයස අවුරුදු 14 ක ළමයෙක් වීම නිසා පොලීසිය ඔහුගේ මෙම ප්‍රකාශය පිළිගැනීමට දැක්වූයේ මැලිකමක්....
ඉහත සිදුවීම් ජාලාව එසේ සිදිවෙමින් පවතිද්දී මෙම ගම්මානයට සැතපුම් පහක් වයඹ දෙසිනි පිහිටා තිබූ ලෙයිසෙස්ටර් විශ්වවිද්‍යාලයේ සේවය කල තරුණ විද්‍යඥයෙකු වූ ඇලෙක් ජෙෆ්රිස් විසින් ඉතා සුවිශේෂී සොයාගැනීමක් සිදුකර තිබුනා.ඒ පළමු ඝාතනය සිදුවී වසරකට පසුව එනම් 1984 වසරේදීයි. ඇත්තෙන්ම ඒ ඉතා අහම්බෙන් නැතිනම් අත්වැරැදීමකින් සොයාගත් සොයාගැනීමක්.ඇලෙක් ජොෆ්රිස් අධ්‍යනය කරමින් සිටියේ ප්‍රවේණිගත රෝගවල පාරම්පරික ගලායෑම පිළිබඳවයි.නමුත් ඔහු විසින් ලබාගත් සෛලවල ඇති DNA අණු සතු පුනරාවර්තී ඒකක එකිනෙකින් වෙනස් බවත් ඒ අනුව එය අයිති තැනැත්තා ඉතා ඉහළ නිරවද්‍යතාවකින් යුතුව හඳුනාගත හැකිබවත් ඔහු විසින් නිරීක්ෂණය කර තිබුනා.
ඒ ආකාරයෙන් තමයි DNA ඇඟිලිසලකුණු තාක්ෂණය මගින් පුද්ගලයන් හඳුනා ගැනීමේ ක්‍රමය ඔහු විසින් සොයාගත්තේ.ඉන් පසුව බ්‍රිතාන්‍යයන්ට දාව ඉපදුනු දරුවන් යැයි පවසමින් කුඩා ළමුන් පෙන්වමින් බ්‍රිතාන්‍යයට ඇතුලු වීමට උත්සහ දැරූ අය විසින් එලෙස ඉදිරිපත් කල දරුවන්ගේ අනන්‍යතාව විමසීමට ඇලෙක් විසින් තම සොයගැනීම යොදාගත්තද ඒ වන විටත් අධිකරණ වෛද්‍ය විද්‍යාවට මෙම ක්‍රමය පැමිණ තිබුනේ නැහැ.
නමුත් ඒ ලයිසස්ශයර් ද්විත්ව ඝාතනයේ පටලැවිල්ල ලිහාගැනීමට මෙම ක්‍රමය යොදාගත හැකිදැයි විමසමින් ඇලෙක් ජොෆ්රිස් වෙත පොලිසියෙන් අනපේක්ෂිත දුරකතන ඇමතුමක් ලැබෙන තෙක් පමණයි....
ඇලෙක් විසින් සිය ක්‍රියාදාමය එලෙස ඇරඹීය.
සැකකාර බක්ලන්ඩ්ගේ රුධිර සාම්පල වල හා ඝාතනයන් වූ ස්තාන වලින් ලබාගත් ශුක්‍රාණු වල DNA සැසඳීම ඇරඹිනි.පුරා රාත්‍රියක නිදිවර්ජිත තීරණත්මක පරීක්ෂණයෙන් පසුව ලබාගත් දත්ත වලට අනුව මිනීමරුවා සෙවීම තිබුනාටත් වඩා දුශ්කර තැනකට වැටුනු බව පෙනෙන්නට විය.එනම් ශුක්‍රාණු එකම තැනැත්තාට අයත් බවත් එනම් ඝාතකයා එකම අයෙක් බවත් බක්ලන්ඩ්ගේ DNA ඒ හා කිසිසේත්ම නොගැලපෙන බවත්ය.එනම් ඝාතකයා බක්ලන්ඩ් නොවන වෙනත් අයෙක් බවය.පරීක්ෂණය නැවත නැවටත් සිදුකෙරිනි.තෙවන වතාවටත් සිදුකෙරිනි.එහෙත් ප්‍රතිපලය එයම විය.ඒ අනුව බක්ලන්ඩ් වරදකරු නොවන බැවින් ඔහුව නිදොස් කරන ලදී.
ද්විත්ව ඝාතකයා සෙවීම අලුතෙන් නැවත ඇරඹිනි.මීලඟ සැලැස්ම වූයේ අදාල ප්‍රදේශයේ සෑම පිරියෙකුගෙන්ම DNA සාම්පල එකතු කිරීමයි.ඒ අනුව 1953 ත් 1970ත් අතර ඉපදුනු අදාල ප්‍රදේශයේ ජීවත්වූ හෝ එහි සේවයේ නිරත වූ සෑම පිරිමි අයෙකු වෙතම රුධිර සාම්පල ලබාදෙන මෙන් ලියුම් යවනු ලැබීය.
රුධිර සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන දෙකක් පිහිටවන ලදී.සතියකට දින තුනක් උදෑසන හා සන්ද්යාභාගයේ වශයෙන් රුධිර සාම්පල එකතු කිරීම ඇරඹිනි.මෙය ස්වේච්ඡා ක්‍රියාදාමයක් වූ නමුත් චූදිතයෙකු වීමේ භිය නිසාම සියල්ලන්ම පාහේ රුධිර පරිත්‍යාගයට දායක විය.ඒ අනුව මිනිසුන් 1000කගෙන් රුධිර සාම්පල එකතු කරන්න පොලීසියට හැකියාව ලැබුනා..
අලුත් විද්‍යාත්මක ක්‍රමයක් යොදාගෙන මිනීමරුවෙක් අල්ලන්න දියත් කරන මේ දැවැන්ත මෙහෙයුම ගැන කතාව රටපුරාම පැතිර ගියා..ඉන් එහාට මුලු ලෝකෙ පුරාමත්..New York times වගේ ජාත්‍යන්තර පුවත්පත් වල පවා මේ මෙහෙයුම ප්‍රධාන සිරස්තල හිමිකරගත්තා..තව තවත් රුධිර සාම්පල එකතුවුනා..අවසානයේ මිනිසුන් 5,511 කගෙන් රුධිර සාම්පල..
ඒත් පොලීසිය නැවටත් අසාර්තකයි..
ආයෙත් ශුක්‍රාණු හා ගැලපෙන එකඳු සාම්පලයක්වත් නෑ..ඒ 5,511 ඇතුලෙත් නෑ..එහෙනම් මිනී මරුවා කවුද..විමර්ශන තව තවත් අසීරු තත්වෙට වැටුනා..
ඒත් එක පුංචි සිදුවීමකින් මේ පඹගාල ලිහාගැනීමට පොටක් පෑදුනා..ඒ ඩෝව්න් ඈශ්වෝර්ත් ඝාතනය වී වසරකටත් අධික කාලයක් ගෙවීගිය පසුවයි.
මාලුවත් කට හින්දා නහින්නා වගේම මේකට හේතුවෙනෙත් එක්තරා කටක්ම තමයි..ඒ තැබෑරුමක බීමතින් දොඩන්නෙකුගේ කටක්..
1987 අගොස්තුවේදී තැබැරුමක බීමතින් සිටි "කෙලී" (Kelly) නම් තරුණයෙක් ප්‍රකාශ කරසිටියේ තමන් විසින් තමන්ගේ මිතුරෙකු වූ "කොලින් පිච්ෆෝර්ක්"(Colin Pitchfork) නම් තැනැත්තා වෙනුවෙන් ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතා කර රුධිරය ලබා දුන් බවයි.මෙම සවාදයෙන් සති හයකට පසුව මෙම තැබෑරුනේ සිටි අයෙක් මේ පිළිබඳව පොලීසියට දැනුම්දුන් අතර වහා ක්‍රියාත්මක වන පරිදි කෙලී නම තැනැත්ත හා කොලින් පිච්ෆෝර්ක් අත්අඩංගුවට ගන්නා ලදී.රුධිර පරීක්ෂණය නැවත සිදු කෙරිනි.එහිදී ඉහත ශුක්‍රාණු සාම්පල හා කොලින්ගේ DNA මනාව ගැලපිනි.ඒ අනුව ඔහු වරදකරු බවට අවිවාදයෙන්ම පත්විය.
ඉන් පසුව එළඹි ජනවාරියේ කොලින් පිච්ෆෝර්ක් උසාවියෙන් වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබීය.
ඒ ඉහල මිනීමැරුම් දෙකට අමතරව වෙනත් ස්ත්‍රී දූෂණ දෙකකටද වැරදිකරු ලෙසින්.
පොලිස් අත්අඩංගුවේ සිටින කාලයේදී " ඈශ්වෝර්ත් හටම එවැන්නක් කලේ ඇයිදැයි" කොලින් පිච්ෆෝර්ක්ගෙන් අසන ලද පසුව ඔහුගේ පිළිතුර වුයේ ,
" අවස්තාව...ඇයත් එතැන සිටියා.මමත් එතැන සිටියා" යන්නයි.
ඉතින් නියම වරදකරු සොයාගෙන දඬුවම් ලැබීමට ගිය නිවැරදිකරුවෙකු බේරාගනිමින් DNA තාක්ෂණය අධිකරණ වෛද්‍ය විද්‍යාව තුල ලෝක ඉතිහාසයේ පළමු වරට භාවිතයට ගැනුනේ එලෙසින්.
එතැන් පටන් වසර 30 පුරාවට අද දක්වා මිලියන 50ක පමණ පිරිසකගේ DNA අපරාධ විමර්ශන කටයුතු සඳහා භාවිතා කර තිබෙනවා වගේම සිය නිර්දෝශී භාවය ඔප්පු කරගත නොහැකිව නිකරුනේ දඬුවම් විඳීමට ගිය මිලියනයක් පමණ පිරිසක් නිදොස් කොට නිදහස් කිරීමටත් ඇලෙක් ජොෆ්රිස්ගේ මෙම අද්විතීය සොයාගැනීමට හැකියාව ලැබුනා..
මෙම සොයාගැනීම තුලින් ලෝකයට සිදුකල සේවය උදෙසා ඇලෙක් ජොෆ්රිස් 1994දී නයිට් පදවියකින් පිදුම් ලැබුවා..
කතාවේ ලස්සනම කෑල්ල කියන්නද..
අපරාධ විසඳීමට තමා විසින් සොයාගත් DNA තාක්ෂණය භාවිතා කල හැකිබව මුලින්ම ඇලෙක් ජොෆ්රිස් කියද්දි ඒක අහපු හැමෝම එයාට හිනාවුනා..ඒත් අද..??
බලන්න අනෙක් අයගේ සමච්චලය මැද්දෙ වුනත් ඇලෙක් ජොෆ්රිස්ට තමන් ගැන තිබුන විශ්වාසය..අන්න ඒ විශ්වාසයට ස්තූතිවන්ත වෙන්න අද ලෝකයා කොච්චර දුරක් ආවද..?
බක්ලන්ඩ් ඇතුලු අර මිලියනයම ඔහුට ණයගැති නොවේද...
ප.ලි.:- රූපයේ සිටින්නේ කතාවේ මැජික්කාරයා..."ශ්‍රීමත් ඇලෙක් ජෝන් ජොෆ්රිස්"
--- සංකල්ප ගුණතිලක✍️
Informative🤩
ReplyDelete