තම ව්‍යාජ පියවුරු නිසා ජීවිතය බේරාගත් කන්තාවක් ගැන කතාවක් කැනඩාවෙන් ආරංචි වෙනවා.මේක කතාව පසුගියදවසක පලවුනේ "SAGE මෙඩිකල් ජර්නලයේ".
2018 අවුරුද්දේ දවසක කැනඩාවේ ටොරන්ටෝ නුවර වීදියක ඇවිද යමින්සිටි තිස් හැවිරිදි කාන්තාවකට නාදුනන තුවක්කු කරුවෙක්ගෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල වුනා.
ඇයගේ වම් පියවුරේ පසෙකට වැදුනු උණ්ඩය හෘදය දක්වාම ගොස් ඇයගේ ජීවිතය අහිමි කිරීමට ඉඩ තිබුනත් ඇයගේ ජීවිතය බෙරෙන්නේ පියවුරු විශාල කිරීමේ සැත්කමකට මුහුණදී ව්‍යාජ කෘතිම පියවුරු( සිලිකන් පියවුරු) සවිකරගෙන සිටි නිසයි.
වම් පියවුරෙන් ඇගේ ශරීරයට ඇතුළු වූ උණ්ඩය සිලිකන් වලින් සාදා තිබූ ඇයගේ ව්‍යාජ පියවුර හරහා යාමේදී හෘදය දක්වා යාමට තිබූ එහි ගමන්පථය වෙනස්වී ගොස් අවසානයේ ඇයගේ දකුණු පියවුරට යටින් වූ පපු පෙදෙසේ නැවතී තිබෙනවා.මේ නිසා ඇගේ ජීවිතය ආරක්ෂා වී ඇති අතර හනි වී ඇත්තේ ඇයගේ එක් පර්ශු අස්ථියකට පමණයි.
මින්පෙර මෙවැනි ව්‍යාජ පියවුරු නිසා උණ්ඩවල චලිතයේ වෙනස්කම් සිදුවූ බවට වාර්තාවන්නේ අවස්තා හතරකදී පමණයි.එයින් අවස්තා දෙකකදීම අදාල කාන්තාවන්ගේ ජිවිත බේරී ඇති නමුත් ඒ අවස්තා හතරේම සිදුවී ඇත්තේ උණ්ඩයේ වේගය බාලවී කෙටි දුරකින් නැවතීමයි.නමුත් මේ අවස්තාවේ උණ්ඩයෙ ගමන්මග වෙනස් වී වෙනත් පෙදෙසකට ගමන් කර තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.
සිලිකන් පියවුරු හරහා උණ්ඩය ගිය මාර්ගය
|Letterconik
|24-04-2020
Healthy Life kit ෆේස්බුක් පිටුවෙවෙන් උපුටා ගන්නා ලදී.
No comments:
Post a Comment