Saturday, April 25, 2020
සොභාදහමේ ආශ්චර්ය - පාට දෙකේ ඇස්
පාට දෙකකින් දෑස් හිමිවන හෙටරොක්‍රෝමියා
(Heterochromia)
ලෝක ජනගහනයෙන් 1%කට තරම් සුළු ප්‍රමාණයක පමණක් දකින්න ලැබෙන "හෙටරොක්‍රෝමියා" නම් මෙම තත්වය රෝගාභාධයක් නොවේ.ඒ මගින් ඇස්වල පෙනීමේ හැකියාවටද බලපෑමක් එල්ල නොකරයි.
ඇස්වල වර්ණය තීරණය වන්නේ ඇසේ කළු ඉංගිරියාව(iris) නමින් හඳුන්වන කොටසේ ඇති මෙලනීන් වර්ණක ප්‍රමාණයට අනුවයි.
නිල් පැහැය , කොළ පැහැය , කොළ පැහැයට හුරු රත්තරන් පැහැය සහ දුඹුරු පැහැය ලෙස වර්ණ පරාසයක ඇසේ වර්ණය විහිදී ඇත.සාමාන්‍යයෙන් අඩුම මෙලනීන් ප්‍රමාණය සඳහා නිල් වර්ණයත් වැඩිම මෙලනීන් ප්‍රමාණයක් සඳහා දුඹුරු වර්ණයත් හිමිවේ.
Heterochromia නම් මෙම තත්වය ආකාර තුනකින් දැකිය හැකි අතර ඇස්දෙක පැහැදිලි ලෙසම එකිනෙකට වෙනස් වර්ණ දෙකකින් යුක්තවන්නේ නම් සම්පූර්ණ හෙටරොක්‍රෝමියා (complete heterochromia) තත්වයක් ලෙසත් , එකම ඇසක වර්ණ එකිනෙකට වෙනස් වර්ණ දෙකක් ඇත්නම් පාර්ශ්වික හෙටරොක්‍රෝමියා(Partial heterochromia) තත්වයක් ලෙසත් කළු ඉංගිරියා කොටසේ භාහිරට වන්නට වෘත්තාකාරව එක් වර්ණයකුත් ඇතුලතින් තවත් වර්ණයකුත් ඇත්නම් මධ්‍යගත හෙටරොක්‍රෝමියා(central heterochromia) තත්වයක් ලෙසත් හඳුන්වයි.
උපතේදී ස්වාභාවිකවම මෙය ඇතිවිය හැකිය.එසේම පසුකාලීනව විවිධ හේතූන් මතද මෙය ඇතිවිය හැක.මෙය රෝගී තත්වයක් නොවන බැවින් ප්‍රතිකාර අනවශ්‍යය නමුත් වෙනත් සංකූලතාවක බලපෑමක් මත මෙය ඇතිවුනි නම් මේ සඳහා ප්‍රතිකාර සපයයි.
මනුශ්‍යය වර්ගයා බිහිකිරීමේ කාර්යයේදී සොබාදහම පෙන්වන අපූර්ව විවිධත්වය මෙය නොවේද....
(HealthyLifekit facebook පිටුව ඇසුරෙන්)
|Letterconik
|25-04-2020
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment