Saturday, April 11, 2020

යුධබිමක පිපුණු අසලියා මල:මිනී වෝට්‍රින්




         චීනයේ ටැන්ග් අධිරාජ්‍යය සමයේ ජීව්ත් වූ "ඩූ ෆූ" නම් කවියා විසින් අමරණීයත්වයේ සංකේතයක් විදියට අසලියා මල් සලකනවා.ඇත්තටම අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැපකරන්න පුළුවන් මිනිස්සුත් අසලියා මල් වගේ සුන්දරයි..අමරණීයයි..!
අසලියා මල් වලට අමරණීයත්වය ආරෝපණය කරන චීනෙටමයි මේ කියන්න යන කතාවත් සම්බන්ධ වෙන්නේ..

1937-38 කාල වකවානුව චීන ඉතිහාසයේ වඩාත් අඳුරුතම කාල පරිච්ඡේදයක් ලෙස විදියට සලකනවා..ඒ ජපාන අධිරාජ්‍යය විසින් චීනය ආක්‍රමණය කිරීම හා ආක්‍රමණික ජපාන හමුදාවන්හි කෲර අමානුශික හැසිරීම නිසයි.මේ කතාවේ කතානායිකාව " මිනී වෝට්‍රන්" ඉතිහාසය තුල අමරණීය වෙන්නේ මෙන්න මේ කාලයේදීමයි.

"විල්හෙල්මිනා මිනී වෝට්‍රින්" උපන්නේ 1886 සැප්තැම්බර් 27 දින ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේදීයි.වයස අවුරුදු හයේදී ඇගේ මව මිය යන අතර දරිද්‍රතාවයෙන් පීඩතව වුනත් මිනී තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා..නමුත් ඇයට මුදල් උදෙසා රැකියාවක නිරත වීමට සිදුවීමෙන් බොහෝ අවස්තාවක අධ්‍යාපන කටයුතු මගහැරී යනවා..ඒ කොහොම වුනත් 1912 දී ඉලිනොයිස් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් ඇය සිය උපාධිය ලබා ගන්නවා..විශ්ව විද්‍යාලය තුලදීත් බාහිර සුභසාධන හා ස්වේච්ඡා සංවිධාන වල ක්‍රියාකරිනියක වූ මිනීට උපාධිය ලබා ගත් පසු මිෂනාරි වරියක් ලෙස චීනයට යාමට සිදුවෙනවා..1914දී චීනයේ හෝෆෙයි දිස්ත්‍රික්කයේ සැන් චෑන්ග් කාන්තා මධ්‍ය විද්‍යාලය පිහිටුවන්නේ එසේ චීනයට ගිය ඇය විසිනුයි..
ඉන්පසුව නැවත සිය රට වූ ඇමරිකාව බලා මිනී පැමිණෙන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහා..නමුත් අධ්‍යාපන ලබන අතරම චීනයේ ගින්ග්ලින් බාලිකා පාසලේ විදුහල්පතිනිය ලෙස ඇය පත්වෙනවා..

මිනීගේ ගින්ග්ලින් පාසල භාරව හිටපු ඔය කාලේදී තමයි මේ පාසල පිහිටලා තිබුන නැන්ජින් පලාතයට මාරයාගේ බැල්ම වැටෙන්නේ.හරියට කිව්වොත් ඒ 1937 දෙසැම්බර් 13 වෙනිදා.
ම්ලේච්ඡත්වයෙන් උමතුවෙලා හිටපු ජපාන හමුදා නැන්ජින් පළාතය කුණාටුවක් වගේ කඩාවදින්නේ මෙදා.ජපාන හමුදා ඇසට හසුවෙන හැම චීන හමුදා සෙබලෙක්ම අනුකම්පා විරහිතව කිසිඳු වග විභාගයක් නැතුව මාරයා වෙත යනව ජපන්නුන්ගේ දොලදුක සන්සිඳවීමට චීන හමුදා සෙබලුන්ගේ ජීවිත ප්‍රමාණවත් වුනේ නෑ.
යුධ නීති සහ ආචාරධර්ම පවා බිඳී සුනුවිසුනු වී සී සීකඩ විසිරෙද්දී ජපාන හමුදා ඇස් මානයට අහිංසක චීන ජනයා යොමු වෙනවා.ජපන් හමුදා අහිංසක සිවිල් ජනවා ගිනිතබා ඝාතනය කරනවා.පන පිටින් භූමදානය කරනවා.
මේ විදියට සාමාන්‍ය ජනයා හිතුමතේ ඝාතනය වෙද්දී කාමාතුර ජපාන හමුදාවන් සෑම වයස් සීමාවකම සිටි චීන කාන්තාවන් සමූහ වශයෙන් දූෂණය කරන්න පෙළඹෙනවා.ඒ බාල තරුණ මහළු විවාහක අවිවාහක කියලා කිසිවෙනසක් නැතුව.
චීනයේ තත්වය දිනෙන් දිනම පිළිකුල් සහගත මරණීය අඳුර දිහාවට ඇදිල යද්දී මිනීගේ මව් රට වුන ඇමරිකාවෙන් චීනෙ ඉන්න සියලුම ඇමරිකානුවන්ව ආපහු මව් රටට ගෙන්වා ගන්න සැලසුම් කරනවා.වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකාව බලා නැව් නගින්න මිනීටත් උපදෙස් ලැබෙනවා.ඒත් තමන් සමග එකට හිටපු තමන්ගෙන් ඉගෙන ගත්තු අනාගතේ ගැන සුභ සිහින තමන් මතින් ගොඩනගාගෙන හිටපු තම පාසලේ අහිංසක චීන දැරියන්ගේ වේදනාබර ඇස් දිහා බලාගෙන ස්වකීය ආරක්ශාව ගැන සලකලා අනතුරෙන් පලායන්න ගුරුවරියක් වගේම ආදරණීය හිතක් තිබුන මිනීට කරන්න තියා හිතන්නවත් බැරිදෙයක්.

ඉතින් මිනී හිත දැඩි කරන් සටන් කරන්න තීරණයක් ගන්නවා.තමන් යටතේ තිබ්බ ගැන්ග්ලින් පාසල අනාත කඳවුරක් කරනවා.ඒ කාලේදී නැන්ජින් වල තිබ්බ අනාතකඳවුරු 25න් එකක් මේ පාසලත්.
මිනීගේ රැකවරණය බලාපොරොත්තුවෙන් මරණයෙන් පලායන චීන ජනයා, කාමාතුර යක්ෂයාගෙන් පලායන චීන කාන්තාවන් දහස් ගණනින් මිනීගේ ගැන්ග්ලින් පාසලට එනවා..ඒත් ඒ ඔක්කොටම ඉඩ නෑ එහේ.ඉඩ තිබුනේ 300ක විතරයි.ජපාන හමුදා නැන්ජින් වලට පළවෙනි ප්‍රහාරය එල්ල කරපු රාත්‍රියේදීම ආපු 850ක සරණාගතයන්ගෙන් ඒ ඇබෑර්තු 300ත් දැනටමත් පිරිලා ඉවරවෙලයි තිබුනේ..
වසා දමා තිබුන ගේට්ටුවෙන් එලියේ ඉඳන් ජීවිතය වෙනුවෙන් යදින පීඩිත ජනයාගේ වේදනාබර ආයාචනය අහගෙන හිටපු මිනීගේ ඉවසීමේ සීමාව ඉක්මවලා යනවා.මිනී තීරණය කරනවා තමන්ගේ පිහිට පතාගෙන ආපු අනෙක් පිරිසවත් පාසල ඇතුලට ගන්න.ඒ අනුව තුන්සීයකට ඉන්න ඉඩ තිබුන තැන අන්තිමට 10,000කට අධික පිරිසක් එකතුවෙනවා.
පාසල ඉස්සරහින් ඇමරිකානු කොඩිය ඔසවලා මේ ඇමරිකානු දේපලක් යන ඉඟිය දෙන්නේ ජපන්නු කඩාපනින එක නවත්තන්න.ඒත් ජපාන හමුදා රඳවාගෙන සිටින කාන්තාවන් තමන්ට දෙන ලෙස මිනීට බලකරනවා.ඇයව පීඩනයට පත් කරනවා.ඇයට පහර දෙනවා.මොනව කරත් මිනීගෙන් කාන්තාවන් ගන්න ජපන්නුන්ට බැරිවෙනවා.අනිතිමේදී තමන්ගේ රැකවරණයෙන් අහිංසක චීන ජාතිකයන් දස දහස් ගණනක ජීවිත බේරා ගන්න මිනී වෝට්‍රන් කියන මේ නිර්භීත කාන්තාවට පුළුවන් වෙනවා.

යුද්ධය නිමවීමෙන් පස්සේ ජීවිතේ ඉතිරි භාගය ගත කරන මිනීට ආපහු කවදාවත් කලින් හිටපු මිනී වෝට්‍රන් වෙන්න බැරිවෙනවා.යුද්ධ කාලේ ලබපු අත්දැකීම් , දැකපු අමිහිරි දර්ශණ , ජපනුන්ගෙන් එල්ල වුන අතවර වලට මූණ දීපු මිනීගේ මානසික මට්ටම ඉතාම දරුණු විදියට පහත වැටෙනවා.ව්‍යාකූල වෙනවා.
ඒ වගේම ජීවිත බේරීමෙන් ලද ආත්ම තෘප්තිය පරයා බේරා ගැනීමට නොහැකි වුන ජීවට වෙනුවෙන් තමා ගැනම වරදකාරී හැඟීමක් මිනීගේ හිතේ ජනිත වෙනවා.
මානසිකව පීඩාවිඳි මිනීව නැවතත් ඇමරිකාවට රැගෙන එනවා.
දුක් දෝමනස්සයන්ගෙන් ප්‍රකම්පිත වී බිඳ වැටුනු මනස මරණය කරා ඇයව වේගෙන් රැගෙන යනවා.ඒ සියදිවි නසාගැනීම මාර්ගයෙන්.සියදිවි හානිකරගැනීමේ ප්‍රයත්න කීපයක්ම මිනීගේ ජීවිතය දඩයම් කරගැනීමට උත්සහ දැරුවන් ඒ සියල්ල අසමත් වෙනවා.සමහර වෙලාවට ඒ දෙවියන්ගේ කෘතගුණ දැක්වීමක් වෙන්න ඇති.
නමුත් 1941 මැයි මාසෙ 14 වෙනිදා දේව බැල්ම අභිබවා මාරයාගේ බැල්ම මිනී වෝට්‍රන් නම් මේ වීරවරියට යොමුවෙනවා.ප්‍රතිපලය තමයි "ඉන්ඩියානාපොලිස්"හි තමන් පදිංචි වී සිටි නවාතැනේදී සිතාමතා ගෑස් කාන්දු කරගෙන මිනී වෝට්‍රන් සියදිවි නසා ගැනීම.මිය යන විට මිනීගේ වයස අවුරුදු 54ක්.

මිනී වෝට්‍රන් සිදුකල සේවය ඇගයීම වස් චීන රජයෙන් ඇයට සම්මාන පිරිණමුනා.යුද්ධ කාලේ ලබපු ඇත්දැකීම් ඇතුලත් මිනීගේ දිනපොත පස්සෙ කාලෙක ග්‍රන්තයක් විදියට ප්‍රකාශයට පත්කෙරුනා.තමන්ගේ ජීවිත බේරාගැනීමට සිදුකල මාරාන්තික අරගලය වෙනුවෙන් චීන ජනයා " කරුණාවේ දෙව් දුව"(Godess of Mercy) යන අන්වර්ත නාමෙන් ඇයව හැඳින්වුවා.ඉතින් අද මිනී ජීවතුන් අතර නැතිවුනත් මිනීගෙන් ජීවිත බේරාගත්තු අය ,බේරුන අයගෙන් පැවතගෙන එන අය තාමත් ලෝකේ ජීවත් වෙනවා.

ඉතට චායාරූපයේ ඉන්නේ ඒ වීරවරිය.කරුණාවේ දෙව්දුව හෙවත් මිනී වෝට්‍රින්.

|Letterconik
|12-04-2020

       

No comments:

Post a Comment