විසිවන සියවසේ විශිෂ්ටතම පුරාවිද්‍යා සොයාගැනීම............
පහත රූපයේ දැක්වෙන්නේ ලෝක ඉතිහාසයේ වඩාත් කතාබහට ලක්වූ මෙන්ම ඉතිහාසයේ සිදුවූ අත්භූත සිදුවීම් ජාලාවකට පෙරවදන සැපයූ සිද්ධියයි.එනම් වසර 3,300ක් පුරාවට ලෝකයට රහසක්ව සැඟව තිබූ තුතන්කාමන්(tut-ankh-amen) පාරාවෝගේ සොහොන් ගැබසොයාගත් අවස්තාවයි.
1922 නොවැම්බර් 26 ඉරුදින එනම් වර්තමානයෙන් වසර 97කට පෙර ඉංග්‍රිසි ජාතික පුරාවිද්‍යා ගවේෂක හෝවාඩ් කාටර්(Haward Carter) සහ ඔහුගේ සම්පත්ධාරියා වූ කානවන් සාමි(Lord Canevan) ඇතුලු කණ්ඩායම විසින් ඊජිප්තුවේ "රජුන්ගේ නිම්නය"(Valley of Kings)හි වැලි තලා අතර සැඟව තිබූ තුතන්කාමන් සොහොන් ගැබ සොයාගැනින.
නොවැම්බර් 4 දින ඉතා අහඹුලෙස පොළවෙන් මතුව තිබූ ඉදිකිරීම් කොටසක් හමුවූ අතර ඒ ඔස්සේ ඒ අවට සිදුකල කැණිම් වලදී තුතන්කාමන් සොහොන්ගැබ සොයාගැනීමටත් නොවැම්බර් 26 දින එය විවර කරගැනීමටත් හෝවාඩ් කණඩායම සමත්විය.
මේ අනුව සහස්‍රක තුනකුත් ශතවර්ශ තුනකට පසුව මුල්වරට තුතන්කාමන් සොහොන සියැසින් දැකගැනීමේ වාසනාව හෝවාඩ් කාටර් , කානවන් සාමි සහ ඔහුගේ බිරිඳ වූ ඉවුලීන් අර්‍යාව සතු වූ අතර සොහොන සමග විවර වුනු තුතන්කාමන් ශාපයේ අභාග්‍යයද ඔවුන් පසුපස හඹා එන්නට විය.
සොහොන්ගැබ විවෘත කර පසු වසරේම එනම් 1923 අප්‍රේල් මාසයේදී කානවන් සාමිගේ මරණයෙන් ඇරඹි ශාපය මෙම සොයාගැනීමට සම්බන්ද සියල්ලක්ව එනම් 22 දෙනෙකු අවාසනාවන්ත එස ඝාතනය කර අවසානයේ ඉතුරු වූ හෝවාඩ් කාටර්වද 1939දී මරා දැමීමෙන් පසු අවසන් විය.
සිය අවසාන වික්‍රමය ලෙස ලොව විශිෂ්ටතම ගවේශණය සිදු කළද සිය මවුරට වන මහා බ්‍රිතාන්‍යයෙන් කිසිඳු ගෞරව සම්මානයක් ඒ වෙනුවෙන් කාටර් හට නොලැබීම කණගාටුවට කරුණකි.
මේ වන විට තුතන්කාමන් සොහොන් ගැබින් හමුවූ සියලූම වැදගත් දෑ ඊජිප්තුවේ Cairo හා Luxor කෞතුකාගාර වල ප්‍රදර්ශණය කරන අතර 2007 නොවැම්බර් 4 දින තුතන්කාමන් මමිය(සංරක්ෂිත දේහය) Luxor කෞතුකාගාරය තුල පිහිටවූ ඔහුගේ සොහොන් කුටියේ තැන්පත් කරන ලදී.
හෝවාඩ් කටර්(වමේ) සහ කානවන් සාමි යන දෙදෙනාම එකට පෙනී සිටින චායාරූප ද්විත්වයෙන් එකක්.ඔවුන් සිටින්නේ සොහොනට ඇතුළු වන දොරටුව අභියසයි.
හෝවාඩ් කාටර්
Luxor කෞතුකාගාරයේ තුතන්කාමන් මමිය තැන්පත් කර ඇති අයුරු.
සොයාගන්නාවිට සොහොන්ගැබ දොරගුළු ලා තිබූ ආකාරය
සොහොන්ගැබ දැක්ගැනිමට සංචාරකයන් පැමිණ සිටින අයුරු
සොයගැනීම පිළිබඳ එවකට පුවත්පත් වල වූ වාර්තා
සංකල්ප ගුණතිලක✍️
No comments:
Post a Comment