අදින් වසර 108කට පෙර එනම් 1912 අප්‍රේල් මාසේ 14 වෙනිදා රාත්‍රියේ ශ්‍රී ලංකාවාසීන් සකල ශ්‍රීයෙන් යුතුව අවුරුදු සිරිය සමරද්දී අත්ලාන්තික් සාගරයේ සීතල ජලතලය මත මහත් වූ ව්‍යසනයක් විදුවුනා.ඒ එවකට ලොව බිහිවතිබූ විශාලම මගී ප්‍රවාහන නෞකාව ජීවිත 1500ක් සමග අත්ලාන්තික් සාගර පත්ලේ මිහිදන් වීමේ සිදුවීමයි.ලෝක ඉතිහාසයේ බිහිසුනුම නාවික අනතුර ලෙස අදටත් සැලකෙන මේ අඳුරු ඉරණමට මුහුණ දුන්නේ වයිට් ස්ටර් ලයින් නම් සමාගමට අයත්,සමුදුරේ දැවැන්තයා ලෙසින් නාමය ලද මෙන්ම දෙවියන් වහන්සේටවත් ගිල්ලවිය නොහැකි නැවක් ලෙස අධිතක්සේරුවකට භාජනය වූ ටයිටැනික් නම් නෞකාවයි.
මේ ඒ ඛේදවාචකයේ කතාන්දරයයි...
විසිවන සියවසේ මුල් භාගය අත්ලාන්තික් සාගරයේ මුහුදු මාර්ග ඔස්සේ මගී ගමනාගමනය ඉතා ඉහළ ලාභයක් උපයන ව්‍යාපාරයක් වුනා.මෙහි ආදායම් ප්‍රධාන වශයෙන් බෙදී ගියේ නැව් සමාගම් දෙකක් අතරයි.ඒ එකිනෙක තරඟකාරී සමාගම් වූ "වයිට් ස්ටර් ලයින්" (White Star Line)සහ "කුනාඩ් ලයින්" (Cunard Line) නම් නැව් සමාගම් ද්විත්වයයි.
1907 ශ්‍රීස්ම සෘතුවේදී Cunard Line නැව් සමාගම නාවික ක්ෂේත්රයට වඩා වේගවත් සුපිරි මගී ප්‍රවාහන නෞකා ද්විත්වයක් වූ Lucitania සහ Mauretania නම් නෞකා හඳුන්වා දෙනවා.මේ වේගවත් නෞකා එවකට අදාල ක්ෂේත්රයේ පෙරලිකාරයන් දෙදෙනෙක් වුනේ වඩාත් ආකර්ශනයක් තමන් වෙත නතුකරගනිමින්.Cunard line සමාගමේ මෙම ප්‍රබල ඉදිරි පිම්ම ඔවුන්ගේ ප්‍රතිවාදියා වුන White Star Line නැව් සමාගමට ඉතා වේදනාකාරී පහරක් වුනා.ඉතින් මේකට පිලිතුරු දැක්වීමක් විදියට ලුසිටානියා සහ මෞරටානියා නම් වේගවත් නෞකා එවකට දිනාතිබූ ආකර්ශනය තමන් වෙත හරවා ගැනීමට සමත් අති සුඛෝපභෝගී නෞකාවක් සෑදීමට එවකට වයිට් ස්ටර් ලයින් සමාගම් ප්‍රධානියාව සිටි "ජේ. බෲස් ඉස්මේ" (J. Bruce Ismay) මහතා තීරණය කරනවා.
වයිට් ස්ටාර් ලයින් සමාගමේ නැව් නිර්මාණය කෙරුනේ අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි පිහිටාතිබූ "හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ෆ් නෞකා නිශ්පාදන සමාගම" විසිනුයි. ඉතින් වයිට් සටාර් ලයින් ප්‍රධානී ජේ.බෲස් හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ෆ් සමාගම් ප්‍රධානී විලියම් පියරේව මුන ගැසෙන්නේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටයි.සාකච්ඡාව අවසානයේදී Cunard line සමාගමේ කැපී පෙනෙනම ලක්ෂනය වූ වේගවත් බව වෙනුවට නව නෞකාව නිර්මාණයේදී සුඛෝපභෝගීත්වයට ප්‍රධාන තැනක් දීමටත් cunard line නෞකා ද්විත්වය වෙනුවට "ඔලිම්පික්" , "බ්‍රිටැනික්" සහ "ටයිටැනික්" නමින් යෝධ නෞකා ත්‍රිත්වයක් සෑදීමටත් තීරණය කෙරුනා.
මේ සාකච්ඡා වටයෙන් තෙමසකට පස්සේ එනම් 1909 මාර්තු මාසේ 31 වෙනිදා ඔලිම්පික් සහ ටයිටැනික් නෞකා ද්විත්වයේ නිර්මාණ කටයුතු ආරම්භ වුනා.මේවා ඒ වන විට නිර්මාණය කරමින් තිබූ ලොව විශාලතම නෞකා.ඉතින් මේ යෝධ සහෝදර නෞකා ද්විත්වය ඒවා සඳහාම නිර්මාණය කල විශේශිත යෝධ නාවිකාංගනයක එකිකෙන ආසන්නෙයේ තමා නිර්මාණය කෙරුනා.හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ෆ් සමාගමේ "තෝමස් ඇන්ඩෲස්" තමයි ටයිටැනික් නැව නිර්මාණය කලේ.
ටයිටැනික් නිර්මාණයේදී තෝමස් ඇන්ඩෲස් වැඩි අවධානයක් යොමු කරේ එහි සැපපහසුකම් ගැන.ටයිටැනික් නැව පළමු පන්තිය, දෙවන පන්තිය සහ තෙවන පන්තිය ලෙස ප්‍රධාන පන්ති තුනක් යටතේ නිර්මාණය කෙරුනා.ටයිටැනික් හි දෙවන පන්තියේ පහසුකම් එකල තිබූ වෙනත් නෞකාවල පළමු පන්තියේ සැපපහසුකම් හා සමාන වන ලෙසයි තෝමස් ඇන්ඩෲස් එය නිර්මාණය කලේ.ඒ අනුව ධන කුවේරයන් සහ ජනප්‍රිය පුද්ගලයන් සඳහා වෙන් වූ පළමු පන්තිය එතෙක් නොවූවිරූ තරම් සුඛෝපභෝගී වුනා.තෙවන පන්තිය සඳහා වුනත් සැලකිය යුතු මට්ටමක පහසුකම් ඔවුන් ලබාදී තිබුනා.
තට්ටු දහයකින් සමන්විත වූ නෞකාව අති සුඛෝපභෝගී ආපන ශාලා , සම්භාහන මධ්‍යස්ථාන , ශරීර සුවතා මධ්‍යස්ථාන , තරු පන්තියේ විවේකාගාර,කැෆේ, පිහිනුම් තටාක, පුස්තකාල මෙන්ම විදුලි සෝපාන හතරක් ඇතුලු ඉතා ඉහල පහසුකම් වලින් පරිපූරණත්වය ලබා තිබුනා.
ටයිටැනික්හි ගෘහ නිර්මාණයන් ඉතා ආකාර්ශනීය ලෙස ගොඩ නගා තිබුනා.ඒ සඳහා විවිධ යුගයන්වලට අයත් අලංකාර ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කෙරුනා.
උදාහරණයක් විදියට ,ටයිටැනික් චිත්‍රපටයේ පවා ඉතාම අලංකාරවත් පසුබිම් තලයක්වූ පළමු පන්තිය සඳහා වෙන්කල කොටසේ වූ අලංකාර පියගැටපෙල දාහත්වන සියවසේ ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිමවා තිබෙනවා.එමෙන්ම පළමු පන්තියේ නිදන කාමර සඳහා පහළොස්වන , දහසයවන ලුවිස් රජවරුන්ගේ සහ ඈන් රැජිණගේ සමයට අයත් ගෘහ නිර්මාණය ශිල්පීය ක්‍රම මෙන්ම ජෝර්ජියානු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කර තිබෙනවා.
නෞකා සේවකයන් සහ මගීන් යාත්‍රාවේ නිරතවන අතරතුර එකිනෙකා මුණනොගැසිය යුතු වූ නිසා සේවක නවාතැන් පිහිටා තිබුනේ නෞකාවේ පහල කොටස්වලයි.
අඩි 882.5(මීටර් 269)ක දිගකින් සහ අඩි 92.5ක(මීටර් 28.2)ක පළලකින් යුතු වූ ටයිටැනික් නිර්මාණය කර තිබුනේ මගීන් 2,453කට ගමන්ගත හැකි වන ලෙසටයි.ඒත් අනතුරට ලක්වන විය එහි මගීන් සිටියේ එම සීමාවටත් වඩා අඩුවෙන්.
1909 නිර්මාණ කටයුතු ආරම්භ කල පසුව ඉන් වසර දෙකකට පසු එනම් 1911 මැයි 31 වෙනිදා එහි කටයුතු අවසන් කිරීමට නිර්මාණකරුවන්ට හැකිවුනා.
ටයිටැනික් නෞකාවේ සහෝදර නෞකාව වූ ඔලිම්පික් නෞකාව සිය මංගල ගමන්වාරය 1911 වසරේදී සිදු කරා.එයින් පසුව යම් යම් වෙනස් කම් කීපයක් ටයිටැනික් නැවේ සිදුකර 1912 අප්‍රේල් මුල ටයිටැනික් පරික්ෂණ ගමන්වාරයක නියැලුනා.යාත්‍රාව ගමනාගමනය සඳහා සුදුසු බව එයින් පැහැදිලි වූ පසු ටයිටැනික් නැව සිය මංගල වාරය 1912 අප්‍රේල් 10 වෙනිදා ආරම්භ කරා.ඒ එංගලන්තයේ සදම්ටන් වරායේ ඉඳලා ඇමරිකාවේ නිව් යෝර්ක් නගරය දක්වායි.
පළමු පන්තියේ මගීන් 324ක් ,දෙවන පන්තියේ 284ක් සහ තෙවන පන්තියේ 709ක් වශයෙන් මගීන් 1317ක් ඇතුළු සම්පූර්ණ 2,200ක පිරිසක් රැගත් ටයිටැනික් නෞකාව පස්වරු 1.30ට එංගලන්තයේ සදම්ටන් වරායෙන් තමන්ගේ මංගල මෙන්ම අවසාන ගමන් වාරයත් එලෙස ආරම්භ කරේ "ධනපතීන්ගේ නියමුවා" නමින් ධනවතුන් අතර ප්රකටව සිටි "කපිතාන් එඩ්වර්ඩ් ජේ. ස්මිත්" මහතාගේ නායකත්වයෙන් යුතුවයි.
ටයිටැනික්හි මංගල ගමන්වාරය සඳහා සහභාගී වූවන් අතර සුවිශේෂී ප්‍රසිද්ධ පුද්ගලයින් කිපයක්ම හිටියා.ඒ ඇමරිකානු ව්‍යාපාරික බෙන්ජමින් ගුගෙන්හයිම් , ව්‍යාපාරික ජෝන් ජැකෝබ් ඇස්ටර් ,කලාකරුවෙකු වූ ෆ්‍රැන්සිස් ඩේවිඩ් මිලට් , කෝටිපතිනියක් වූ මාග්‍රට් මොලී බ්‍රවුන්,ලේඛක හෙලන් චර්චිල්, ටෙනිස් ක්‍රීඩකයන් වූ කාල් බ'ර් සහ ඩික් විලියම් මෙන්ම බ්‍රිතාන්‍ය ජාතික ජනමාධ්යවෙදියෙකු වූ විලියම් තෝමස් සහ වයිට් ස්ටර් ලයින් සමාගමේ ප්‍රධානියා වූ බෲස් ඉස්මේ මහතා වගේම නැවේ නිර්මාණ ශිල්පියා වූ තෝමස් ඇන්ඩෲස් යන අයයි.
ගමන් ආරම්භ කර සිව් දිනකට පස්සේ එනම් 1912 අප්‍රේල් 14 රාත්‍රියේ ,අත්ලාන්තික් සාගරය ඔස්සේ දකුණු දෙසට පැයට කිලෝමිටර 40ක පමණ වේගයකින් ඇදෙමින් තිබූ ටයිටැනික් නැවට මාරයේ බැල්ම වැටෙන්නට වුනා.
අදාලා ප්‍රදේශයේ විශාල අයිස් කුට්ටි පාවෙන බවට අනතුරු ඇඟවීමේ රේඩියෝ පණිවිඩයක් ටයිටැනික් වෙත මුලින්ම එදින රාත්‍රී 9.40ට පමණ යොමු කෙරුනත් අවාසනාවට එම පණිවිඩය ටයිටැනික් රේඩියෝ පණිවිඩ කාර්යාලයට ලඟාවන්නේ නැහැ.
ඉන් පසුව නැවත රාත්‍රී 10.55ට දිවිගලවා ගැනීම උදෙසා වූ දෙවන දේව දූත පණිවිඩය ටයිටැනික් වෙත යොමු කෙරෙන්නේ ඒ අවට මුහුදු කලාපයේ පාවෙන අයිස් කුට්ටි වලට මැදිවී ගමන් කිරීමට නොහැකිව නවතා දැමුනු "කැලිෆෝනියන්" නම් නෞකාව විසිනුයි.
කලින් අවස්තාවේ මෙන් නොවී එය ටයිටැනික් කරා ලඟා වුනත් එය සැලකිල්ලට භාජනය වී නැත්තේ මාරයාගේ බැල්ම ඊට ප්‍රබල වූ නිසා වෙන්න පුළුවන්.ඒ වන විට මගීන්ගෙන් ලැබෙන පණිවිඩ සමග කාර්යබහුල වී සිටි ටයිටැනික් නැවේ රේඩියෝ ක්‍රියාකරවන්නා වූ "ජැක් පිලිප්ස්" පණිවිඩය එවූ කැලිෆෝනියන් නෞකාවට බැන වැදී තිබෙනවා.ඒ එවන් කාර්යබහුල අවස්තාවක පණිවිඩ එවමින් තමන්ගේ රාජකාරියට බාධා කරන බව පවසමිනුයි.
වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබියදී සිය උපරිම ඇන්ජින් ධාරිතාවයෙන් ක්‍රියාත්මක වෙමින් තිබූ ටයිටැනික් කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් සිට නාවික සැතපුම් 400ක් හෙවත් කිලෝමීටර් 740ක් දකුණු දෙසින් අත්ලාන්තික් සාගරයේ සිය උපරිම වේගයෙන් ගමන් ගනිමින් තිබුනා.
වෙලාව රාත්‍රී 11:40ට පමණ මෙතෙක් වෙලා රේඩියෝ පණිවිඩ මගින් අනතුරු ඇඟවුනු විශාල අයිස් කුට්ටිය නැවේ ගමන් පථයට හරියටම ඉදිරියෙන් පාවෙමින් තිබෙන බව නිරීක්ෂණය වුනේ එවන් පසුබිමකයි.
නියමු කුටියේ අණදෙන්නා වූ "විලියම් මෝර්ඩොක්" විසින් වහාම වේගය අඩාල කරමින් නෞකාව වමට හරවන ලෙස ලබාදුන් නියෝගයට අනුව නෞකාව හැරවූවත් එහි එක් පසක් අයිස් කුට්ටියේ ගැටීම වලක්වාගැනීමට තරම් ඒ ප්‍රතිචාරය ප්‍රමාණවත් වුනේ නැහැ.ඇතැවිට නෞකාව එහි මාර්ගයේම ගොස් මුහුණට මුහුණ ගැටුනේ නම් නෞකාව නොගිලී බේරීමට ඉඩ තිබුනු බව විසේසඥයන් පවසනවා.
නෞකා කාර්යමණ්ඩලය විසින් ගැටීමෙන් සිදුවූ හානිය විශ්ලේෂණය කෙරුනා.නැවේ නිර්මාණකරුවා වූ තෝමස් ඇන්ඩෲස් විසින් නෞකාවේ ඉදිපස පහල කොටසට ජලය පිරෙමින් තිබෙන බව සොයාගත්තේ මෙහිදියී.
අවට මුහුදු කලාපයේ ඇති නෞකාවන්ගෙන් උදව් ඉල්ලා පණිවිඩ යන ලෙස කපිතාම් ස්මිත් විසින් ප්‍රධාන රේඩියෝ ක්‍රියාකරු වූ ජැක් පිලිප්ස් හට නියෝග ලබා දුන් අතර ඒ අනුව උදව් ඉල්ලා රේඩියෝ පණිවිඩ යැවනු ලැබුවා.
ටයිටැනික්හි සහෝදර නෞකාව ඔලිම්පික් ඇතුළු නෞකා කීපයකටම අදාල පණිවිඩය ලැබුනත් ඒ වන විට ඔවුන් රැඳී සිටියේ ටයිටැනික් නෞකාවට ඉතාම ඈත ප්රදේශවලයි.ඒ නිසා ඔවුන්ට උදව්වට ඒමට කාලයක් ඉතිරි වී තිබුනේ නැහැ.ටයිටැනික් වෙත අනතුරු ඇඟවීමේ පණිවිඩ එවූ "කැලිෆෝනියන්" නෞකාව මේ වන විට සිය රේඩියෝ පද්ධතිය ක්‍රියාවිරහිත කර තිබූ නිසා ටයිටැනික් නෞකාවෙන් යැවූ උදව් ඉල්ලීමේ පණිවිඩය ඔවුන්ට ලැබෙන්නේ නැහැ.
යැවූ රේඩියෝ පණිවිඩය ලද නෞකා අතරින් උදව් කිරීම සඳහා ටයිටැනික් වෙත ඒමට හැකියාව තිබුනේ එකම එක නෞකාවකට පමණයි.ඒ ටයිටැනික් හිමිකාරත්වයට දැරූ වයිට් ස්ටාර් ලයින් සමාගමේ ප්‍රතිවාදී සමාගම වූ කුනාර්ඩ් සමාගමට අයත් නෞකාවක් වූ "කාපාතියා"(Carparthia) නෞකාවටයි.ඒ වන විට මධ්‍යම රාත්‍රිය පසුවී මිනිත්තු විස්සක් ගෙවී ගොස් තිබුනා.කාපාතියා වෙත පණිවිඩය ලැබෙන විය එය තිබුනේ ටයිටැනික් වෙතින් නාවික සැතපුම් 58ක් හෙවත් කිලෝ මීටර් 107 ක් දුරිනුයි.එබැවින් අනතුරු ස්ථානය වෙත ලඟා වීමය කාපාතියා හට අවම වශයෙන් පැය තුනක්වත් ගත වෙනවා.
ඒ නිසා ගත හැකි වඩාත් සුදුසුම තීරණය වුනේ ජීවිතාරක්ෂක බෝට්ටු වලට මගීන් පිරවීමයි.ටයිටැනික් සතුව ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් තිබුනා.නීති රීති වලට අනුව නම් එය තිබිය යුතු ගණනටත් වඩා වැඩි ගණනක්.නමුත් මේ බෝට්ටු විස්සට පටවන්න පුළුවන් වෙන්නේ නෞකාවේ සිටි 2200න් 1200කටත් අඩු පිරිසක්.ඒ අනුව මුලින්ම කාන්තාවන් සහ ළමයින් බෝට්ටු වලට යැවීමට ඔවුන් තීරණය කරා.නමුත් බෝට්ටුව යා හැකි පිරිසට වඩා ඉතා අඩු පිරිසක් පමණක් එක බෝට්ටුවකට ඇතුලත් කිරීම නිසා තත්වය තව තවත් දරුණු අතට හැරුනා.උදාහරණයක් විදියට 65 දෙනෙකුට ඉඩ ප්‍රස්තාව තිබූ මුලින්ම දියත් කෙරුනු බෝට්ටුවේ සිටියේ 27 දෙනෙක් පමණයි.ඉතින් අවසානයේ ජීවිතාරක්ෂක බෝට්ටු වලින් බේරාගැනීමට හැකිවුනේ 705 දෙනෙකු පමණයි.නෞකාවේ ඉතිරිව සිටි මගීන් කලබලයට පත්වීම අවම කරන්න නෞකාවේ වාද්‍ය වෘන්දය ඒ වන විටත් ගිලෙමින් පැවති නෞකාවේ ඉඳිමින් සිය අවසාන වාදනය ඉදිරිපත් කරමින් සිටියා.ඔවුන් එසේ වාදනය කරමින්ම නෞකාව සමග අත්ලාන්තික් මුහුදු පතුලේ සැඟවී ගියා.
ඒ වන විට වෙලාව අළුයම 2 වී තිබුනා.නෞකාවේ පිටුපස කොටස ක්‍රමක්‍රමයෙන් ඉහළට එසවීමේ ප්‍රතිඵලයක් විදියට නෞකාව පිටුපස වූ ඇන්ජින් අවරපෙති පැහැදිලිව පෙනෙන තරම්ම ජල මට්ටමින් ඉහළට එසවී තිබුනා.නෞකාවේ දෛවය ඉක්මනින් විසඳෙන බව කපිතාන් ස්මිත් හට මේ වන විට වැටහී තිබූ නිසා ඔහු තමන් සමග සේවයේ නිරත වී සිටි නෞකා සේවකයින් තම තමන්ගේ සේවයන්ගෙන් නිදහස් කරනු ලැබුවා.ඒ ඔවුනොවුන්ට ඔවුනොවුන්ගේ ජීවිත ගැම සිතීමට අවස්තාවක් සලසා දෙමින්.කැප්ටන් ස්මිත්ව සජීවී දෑසකින් කිසිවෙකු විසින් හෝ දුටුවානම් ඒ ඉතිහාසයේ අවසාන වතාවටයි.ඒ නැවත කිසිම දිනෙක ඔහුගේ මල සිරුරවත් සොයාගැනීමට නොහැකි වූ නිසා.
අළුයම 2:18 වන විට හදිස්සියේම නෞකාවේ විදුලිය විසන්ඳි වුනා.ජීවිතය පිළිබඳ බලාපොරොත්තු රහිතව දෙවියන් වහන්සේගේ ප්රාතිහාර්ය වෙනුවෙන් බලාගෙන හිටපු මිනිස්සුන්ට අඳුරු අත්ලාන්තික් සාගරයේ ඉතිරි වී තිබුනේ ආකාසේ පායා තිබූ තරුවල ආලෝකය පමණයි.අළුයම 2:20 වන විට නැව සම්පුර්ණයෙන්ම මුහුදේ ගිලී අවසන් වුනා.මිනිත්තු හයක් තුලදී කැඹලි දෙකකට වෙන් වූ ටයිටැනික් නෞකාව පැයට සැතපුම් 30ක වේගයකින් මුහුදු පතුල කරා ඇදී යන්නට වුනා.එසේ කිලෝමීටර් හතරක් ගැඹුරට ඇදී ගිය විට හමූවූ අත්ලාන්තික් සාගර පත්ලේ එදා සිට අද දක්වාම එකිනෙකට වෙන්වූ කොටස් ද්විත්වයක් ලෙස ටයිටැනික් නැව සාදාකාලික නින්දක පසුවෙනවා.
අත්ලාන්තික් සීතල වතුරට වැටුනු 1500ක තරම් මිනිසුන්ටත් ජීවිතාරක්ෂක බෝට්ටු වල සිටි මිනිසුන්ටත් කාපාතියා නෞකව එනතෙක් ඉවසා සිටින්නය සිදුවුනා. නමුත් ඒ වන විට සාගර ජලයේ උෂ්ණත්වය -2 °C පමණ වූ නිසා දියේ ගිලී මිය ගිය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කොටින්න සියල්ලම වාගේ අධික ශීතල ගොදුරු වී හෘදය අකර්මණ්‍ය වීමෙන් මිය ගියා.එසේ වතුරට වැටුනු 1500ම මිය යාමට ගත වූයේ මිනිත්තු තිහකටත් අඩු කාලයක්.ජලයට වැටුනු පිරිසෙන් 500ක් ඒ අසල පාවෙමින් තිබූ ජීවිතාරක්ෂක බෝට්ටු වලට ඇතුල් කරගැනීමේ හැකියාව තිබුනත් එසේ බේරා ගැනුනේ 5 දෙනෙකු පමණයි.ඒ අනුව ඉතිරි සියල්ලම එදා රාත්‍රියේම සීතලෙන් මිදී මියගියා.
බේරා ගැනීමට පැමිනි කාපාතියා නෞකාව ටයිටැනික් ගිලී අවසන් වී පැයකට පස්සේ ඒ කියන්නේ අළුයම 3:30ට අදලා ස්ථානය කරා පැමිණියා.බෝට්ටුවලට වී සිට දිවි ගලවාගත්ත පිරිස බේරා ගත්තා.ටයිටැනික් ඛේදවාචකය ආරංචි වූ කැලිෆෝනියන් නෞකාවත් උදෑසන 8:30ට පමණ අදාල ස්තානයට පැමිණියා.ඒ වන විට කාපාතියා නෞකාව සියල්ලන්ම තම නැවට ගොඩකරගෙන අවසන්ව තිබූ නිසා උදෑසන 9.00ට පමණ නැවත නිව් යෝර්ක් බලා යාමට පිටත් වුනා.කාපාතියා නිව් යෝර්ක් කරා ලඟාවුනේ සිදුවීමෙන් දින තුනකට පස්සේ එනම් අප්‍රේල් 18 වෙනිදායි.
කාපාතියා නෞකාවේ කපිතාන්ට අනුව ටයිටැනික් ඛේදවාචකය සිදුවූ ප්‍රදේශයේ අඩි 200ක තරම් උසකින් යුතු වූ විශාල අයිස් කුට්ටිද ඇතුලු අයිස් කුට්ටු බහුලව පාවෙමින් තිබූ ප්‍රදේශයක්.
බේරාගැනුන ජීවිත 700 අතරින් බහුතරයක් වුනේ කාන්තාවන් සහ ළමයින්.ඒ වගේම නෞකාවේ සිටි ප්‍රසිද්ධ පුද්ගලයන් කීපදෙනෙක්ම ඉතිරි 1500ත් සමග එදින සීතල රාත්‍රියේ මියගොස් තිබුනා.ඒ අතර ප්‍රකට බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවෙදියා වූ විලියම් තෝමස් , ව්‍යාපාරික ඉසිඩෝර් ස්ට්රවුස් , ව්‍යාපාරික බෙන්ජමින් ගුගෙන්හයිම් සහ නෞකාවේ සිටි ධනවත්ම තැනැත්තා වු ජෝන් ජැකෝබ් ඇස්ටර් යනාදීන් ඇතුලත් වුනා.
වැඩිම ජීවිත හානියක් වාර්තා වුනේ තෙවන පන්තියේ මගීන් අතරෙන්.ඒ නෞකාවේ තෙවන පන්තියේ ගමන් ගත් 709ක පිරිසෙන් දිවි ගලවාගැනීමට හැකිවූ 174ක පිරිස හැර අන් සියල්ලම මියයාම නිසායි.
මෙසේ තෙවන පන්ති මගීන් විශාල ලෙස මිය යාමට හේතුව ලෙස ජීවිතාරක්ෂක බෝට්ටු තුලට ගොඩවීමට ඔවුන්ට අවකාශයක් නොදුන් නිසා බවට චෝදනා එල්ල වුනා.ඒ වගේම අනතුරු සංඥාව වන සයිරන් නළාව ක්‍රියාත්මක කිරීමට පවා වීමෙන් තෙවන පන්ති මගීන් අනතුර දරුණු වන තෙක්ම ඒ පිළිබඳ නිසි අවබෝදයකින් නොසිටි බවත් මෙයට හේතුවක් වන්නට ඇතිබව ඇතැමුන් පවසනවා.
18 වෙනිදා උදෑසන 9:30ට පමන කාපාතියා නෞකාව නිව් යෝර්ක් වෙත ලඟා වන විට ඔවුන්ව පිළිගැනීමට 40,000කට ආසන්න පිරිසක් මහවැසි නොතකා පෙරමග බලාගෙන සිටිය.අනතුරෙන් ජීවිත බේරගෙන නමුත් කම්පනයෙන් සිටි මගීන් වෙත වහාම සහන සැලසීමට සංවිධාන රැසක් ක්‍රියාත්මක වුනා.ඒ වගේම මගීන්ට නිවෙස් බල යෑමට නොමිලේ දුම්රිය සේවාවන් පවා ක්‍රියාත්මක වුනා.
විපතට පත්වූන් බේරාගැනීමේදී කාපාතියා සේවක කණ්ඩායම සිදුකල මෙහෙය ඇගයීමට කාපාතියා හිමි කුනාර්ඩ් සමාගම එහි සේවකයන්ට බෝනස් මුදල් ත්‍යාග ලබාදුන් අතර දිවි ගලවාගත් ටයිටැනික් මගීන්ගෙන්ද එම කාර්යමණ්ඩලයට යුරෝ 900ක මුදල් ත්‍යාගයක් පිරිණැමුනා.දිවි ගලවාගත් පිරිසේ විශේෂයෙන් සියල්ල අහිමි වූ තෙවන පන්තියේ සිටි පිරිස්වල පවුල් වල සාමාජිකයන්ව රැක බලා ගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වුනා.
ටයිටැනික් ඛේදවාචකය එකල පුවත්පත් වල ප්‍රධානම ශීර්ෂපාඨය වුනා.ඇසින් දුටු සාක්ෂි වාර්තාකරණය සඳහා පුවත් පත් අතර තරංගයක් තිබූ අතර පුවත් පත් මිලදී ගැනීමට මිනිසුන් වෙළඳසැල් අසල පිරී ඉතිරී ගියා.
පසුකාලීනව ටයිටැනික් ඛේදවාචකය ගැන කවි ,ගී, චිත්‍රපටි ,ටෙලිනාට්‍ය,වාර්තා වැඩසටහන් විශාල වශයෙන් බිහිවුනත් ලෝකයාගේ වඩා ආකර්ශනයට පත්වූයේ ජේමස් කැමරන්ගේ "Titanic" චිට්රපටයයි.ඛේදවාචකයට මුහුණ දෙන පෙම්වතුන් දෙදෙනෙකුගේ වියෝවීමේ වේදනාව ගෙනහැරපාන ප්‍රේමණීය සිනමාපටයක් වූ එය ලෝව පුරා වැඩිම ප්‍රේක්ෂක පිරිසකගේ නෙත් කඳුලෙන් තෙත් කල චිත්‍රපටය ලෙස ඉතිහාස ගතවී තිබෙනවා.මෙහි ප්‍රධාන චරිත වූ දාහත් හැවිරිදි ධනවත් ප්‍රේමවන්තිය වූ "රෝස්"ගේ සහ තෙවන පන්තියේ මගියෙකු වූ සෙල්ලක්කාර රොමෑන්ටික් "ජැක් ඩෝසන්" චරිත නිරූපණය කරන්නේ පිළිවෙලින් කේට් වින්ස්ලට් සහ ලියනාඩෝ ඩිකැප්රියෝ යන අයයි.එම චරිත ද්විත්වය ලෝක සිනමාවේ සදාතනික ප්‍රේමවන්තයන් ලෙස අදටත් හඳුන්වනවා.
දක්ශ සංගීතඥයෙකු වූ ජේම්ස් හොනර් විසින් මෙහි සංගීත අධ්‍යක්ෂනය කර තිබෙනවා.චිත්‍රපටි තේමා සංගීතය වෙනුවෙන් අධ්‍යක්ෂක ජේම්ස් කැමරන්ට මුලින්ම අවශ්‍යවුනේ වචන රහිත මිනිස් කටහඬ පමණක් යොදාගෙන තේමාවක් බිහිකිරීමටයි.ඒ අනුව හඬ පරීක්ෂණ ගණනාවකින් පස්සේ "Hymn to the sea"නම් තේමා කණ්ඩය නිර්මාණය වෙන්නේ නෝර්වීජියානු ගායිකාවකගේ හඬින්.
ජේම්ස් කැමරන්ට චිත්‍රපටිය සඳහා ගීතයක් අවශ්‍ය නොවූ නමුත් සංගීත අධ්යක්ෂ ජේම්ස් හොනර් විසින් රහසිගතවම ගීතයක් නිර්මාණය කරනවා.පසුව ගීතය රසවිඳීමෙන් අමන්දානන්දයට පත් ජේම්ස් කැමරන් එය චිත්‍රපටියේ අවසානයේ වාදනය කලයුතුයැයි තීරණය කරනවා.මේ වන විට ලොව වැඩිපුරම ජනප්‍රිය මෙන්ම වැඩිපුරම විකිණුන චිත්‍රපට ගීතය වන්නේ මෙයයි.මේ සෙලීන් ඩියෝන් විසින් ගායනා කරන "My heart will go on" නමින් අප දන්නා ගිතයයි.
කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටිය හොඳම අධ්‍යක්ෂනය , හොඳම සංගීත අධ්‍යක්ෂනය , හොඳම සංස්කරණය , හොඳම නිශ්පාදනය , හොඳම හඬ සංස්කරණය ,හොඳම සිනමාකරණය ආදී වශයෙන් ඇකඩමි සම්මාන 11 කින් පිදුම් ලැබුවා.ඒ අනුව ලොව වැඩිම ඇකඩමි සම්මාන දිනාගත් සිනමා පට ත්‍රිත්වය අතරින් එකක් Titanic.ඇකඩමි සම්මාන අතින් Titanic හා සම තැන් ගත් අනෙක් චිත්‍රපටි ද්විත්වය වන්නේ "බෙන් හර්"(Ben Hur) සහ "ලෝඩ් ඔෆ් ද රින්ග්" තෙවන චිත්‍රපටිය වන Lord of the Rings: Return of the King යන ඒවායි.1997 දී මුල්වරට එලිදැක්වූ Titanic නැවත වතාවක් ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණයෙන් නැවත ප්‍රතිනිර්මාණය කර 2012 වසරේදී එළිදැක්වුනු අතර එවර ලොව පුරා ඉපයූ ඩොලර් මිලියන 343ත් සමග මුළු ආදායම ඩොලර් බිලියන 2.18ක් මේ වන විට උපයා ගෙන තිබෙනවා.ඒ අනුව ආදායම් දර්ශකයේ තෙවනි ස්ථානය Titanic හිමිකරගන්නේ Avatar හා Avengers:Endgame සිනමාපට වලට පිළිවෙලින් දෙවන සහ පළමු ස්ථාන හිමිකරදෙමින්.
1912 දී Titanic නෞකාව මුහුදුබත් වන විට නෞකාවේ සිටි ලාබාලතම මගියා වූයේ ඒ වනවිට මාස දෙකක් වයස වූ "මිල්විනා ඩීන්" නම් බිළිඳියයි.ඇය අනතුරෙන් දිවිබේරාගත් අතර දිවිගලවාගත් මගීන් අතරෙන් වැඩිම කලක් ජීවත් වූයේද ඇයයි.ඛේදවාචකයෙන් බේරුනු පිරිසෙන් අවසානයට ජීවත් වී සිටි තැනැත්තා වූ ඇයද 2009 මැයි 31 දින මිය ගිය පසු ටයිටැනික් ඛේදවාචකය සියැසින් දුටු කිසිම අයෙක් වර්තමානයේ මිහිපිට ජීවත්වන්නේ නැත.කාලයාගේ ඇවෑමෙන් ඔවුන් ඉතිහාසය තුල වැළලී ගොස් ය.
දිවි ගලවාගන්නට වාසනාවන්ත නොවූවන් නෞකාව සමගම අත්ලාන්තික් සාගර පතුලේ මිහිදන්ව ඇත.කෙසේහෝ ඔවුන් සියල්ල දැන් ජීවත් වන්නේ මතකයන් තුල පමණි.
චායාරූප ගැලරිය
සිය මංගල ගමන්වාරය අරඹමින්
පළමු චාරිකාව සඳහා වූ දැන්වීම් පෝස්ටරය
කැප්ටන් එඩ්වර්ඩ් ජේ.ස්මිත්
නැව නිර්මාණය කල තෝමස් ඇන්ඩෲස්
ඔලිම්පික් සහ ටයිටැනික් නෞකා නිර්මාණය කරන අතරතුර.වම් පසින් කලු පැහැයෙන් දිස්වන්නේ ටයිටැනික් නෞකාවයි.
ටයිටැනික්හි ඇන්ජින් අවරපෙති
නැවේ සේවකයන් ආරක්ෂක කබා පරීක්ෂා කරමින්
නෞකාවේ ඇතුලත
නෞකාවේ ඇතුලත
නෞකාවේ ඇතුලත
පළමු පන්තිය සඳහා වූ කොටසේ තිබූ අලංකාර පියගැටපෙල.චිත්‍රපටියේ අවසාන දර්ශනයට පසුබිම් වන්නේ මේ ස්තානයයි.
නෞකාවේ ශරීර සුවතා මධ්‍යස්ථානය
නෞකාව ඇතුලත
අනතුරෙන් දිවි බේරගත් කෝටිපතිනියක වූ මාගරට් මොලී බ්‍රවුන්
නෞකාවේ සිටි ධනවත්ම තැනැත්තා වූ ජෝන් ජෙකොඩ් ඇස්ටර්.අනතුරෙන් මොහු මියගියා.
ටයිටැනික් වෙත ලැබුනු අනතුරු ඇඟවීමේ රේඩියෝ පණිවිඩ
ජීවිතාරක්ෂක බෝට්ටුවල සිටින මගීන්
බේරාගත් පසුව කාපාතියා නෞකාව මය්හ සිටින මගීන්
අනතුර පිළිබඳ දැනගැනීමට පුවත් පත් මිළඳී ගැනීමට වෙළඳ සැල් අසල එතතුවූ ජනතාව
අනතුර පිළිබඳ විස්තර රැගත් පුවත්වත් විකුණන අයුරු
තමන් ඇතුලු පිරිසේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් කෘතගුණ දක්වමින් කෝටිපතිනී මොලී බ්‍රවුන් කාපාතියා නෞකාවේ කපිතාන් ආතර් හෙන්රි රොස්ට්රන් හට සම්මානයක් පුද කරන අයුරු.
අනතුර ගැන විමර්ශන සිදුකරමින්
චිත්‍රපටිය සඳහා නිර්මාණය කල නෞකාවේ අනුරුව
චිත්‍රපටි රූගත කිරීම අතරතුර.වමේ සිට කේට් වින්ස්ලට් , ඩිකැප්රියෝ සහ අධ්‍යක්ෂක ජේම්ස් කැමරන්
ඇකඩමි සම්මාන අතැතිව සිටින ජේස්ම් කැමරන්
දිවි ගලවාගත්තවුන් අතරින් අවසාන වතාවට මියගිය තැනැත්තිය.
|Letterconik
|14-04-2020
ලස්සනයි කතාව...😍😍
ReplyDeleteස්තූතියි❤🤩
Delete